(මනෝප්‍රිය ගුණසේකර)
වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතා, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන්ට රටින් පිටවීම තහනම් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (29) නියම කළේය.
මීට අමතරව හිටපු අමාත්‍යවරයාගේ රියදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර නැමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද වරෙන්තු නිකුත් කළේය.
2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරට අදාළ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීමෙන් දිලුම් තුසිත කුමාර නමැත්තාට එරෙහිව වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට මීට පෙර අවස්ථාවක නිකුත් කළ ඇප කොන්දේසි වලට අමතරව නව ඇප කොන්දේසි පනවමින් රටින් පිටවීම තහනම් කෙරිණි.
විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාරදීමටද නියම කළ විනිසුරුවරයා අධිකරණයේ අවසරයකින් තොරව ඔවුන්ට අලුතින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියම කළේය.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතා අධිකරණයේ පෙනී සිටි අතර පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර මහතා පමණක් අධිකරණයේ පෙනී නොසිටියේය.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට, එවකට වැලිකඩ හිටපු පොලිස්ථානාධිපතිවරයාව සිටි දැනට සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට මෙන්ම පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ බව කියන දිලුම් තුසිත කුමාර නමැත්තන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා 16 ක් ඉදිරිපත් කර ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පීරීස් මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ එක් විත්තිකරුවකු අධිකරණයට පැමිණ නැති හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් පසුව නියෝග නිකුත් කළ විනිසුරුවරයා නඩුව ලබන මස 12 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ කෙනා තාම වැඩ කරන්නේ කොහොමද?
පව් අනේ.., රට ගිහිල්ලත් ඉවරයි.
කොහොම හරි කරලා පාඨලීව ඇතුළට දාන්න. මෙයා විරුද්ධ පක්ෂයේ ඉන්න මොලේ තියෙන ඉංජිනේරුවරයෙක්. දැක්කා නේද කබල් ආණ්ඩුවේ ඉඳන් හරි කරපු වැඩටික? ස්මාර්ට් මීටර්, විශ්ව විද්‍යාල පීඨය,... හිටියොත් හොඳ වෙන්නේ නැත. ඒ නිසා මොනවා කරලා හරි ඇතුළට දාන්න.
රණවක ආණ්ඩුව පැත්තට බල්ටියක් ගැසීමට ඉතාම ආසන්නයි.