
(නිමල කොඩිතුවක්කු)
20 වන සංශෝධනයට එරෙහිව ලබන ඔක්තොම්බර් පස්වෙනිදා විරෝධතා දිනයක් ලෙස නම් කිරීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.
එදින සෑම දිස්ත්‍රික්කයකම ඉලක්කකරගනිමින් කලු කොඩි ඔසවමින් කලු පටි බැදගෙන විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක කරන බවද සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබන්ඩාර මහතා ලංකාදීපයට පැවසීය.
මෙයට සමගාමීව පත්‍රිකා බෙදමින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
විස්සට එරෙහිව ලංකාවේ සෑම ආසනයකම ජනතාව ලබන 8 වැනිදා කොළඹට ගෙනවිත් හයිඩ්පාක් පිටියේදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බවද ඔහු කියා සිටියේය.
ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලුම දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සංවිධාන, සිවිල් සංවිධාන එකතුකරගෙන එම විරෝධතාවය ක්‍රියාවට නංවන බවද මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනන්න තිබුණු ඡන්ද සේරම පක්ෂය කඩලාදාලා විනාශ කරලා හිත හදාගන්න ඔහොමවත් කරලා බලන්න. දැන් එක එක්කෙනා සමුගනිමින් පවා ඔය කරගෙන යන්නේ. ඔයාලාටත් ඔය ටිකම තමයි.
20 සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විපක්ෂයේ කාර්ය භාරය හරිහැටි කිරීමට නොහැකිවීම නිසා සමගි ජනබලවේගයේ නායක ඉල්ලා අස්වීමේ තීන්දුවක...?
සජී පුතාට විරෝධතා වැඩසටහන්වලට උපදෙස්, වැඩමුළු, ප්‍රායෝගික අත්දැකීම් අවශ්‍ය නම් කියන්න අපි කතාකරලා දෙන්නම්.. ප්‍රතිඵල අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි. කළුකුමාරයාගේ අන්තරේ ඉන්න මෝඩයින් ටිකට වැඩේ බාරදෙන්න වැඩිය වියදමකුත් යන්නේ නැහැ. ඕනෑවෙන්නේ කුඩු පැකට් කීපයක්...
ආයිත් පාරක් කොරෝනා පතුරන්නද හදන්නේ...? කරුණාකරලා මේ ලෝකෙන් කොරෝනාව තුරන් වෙනතුරු ඉන්න...
ඔන්න පටන් ගත්ත ලංකාවට බොරු ආදරයක් පෙන්නන්න. අවුරුදු ගාණක් රට විනාශ කරලා....
මෙන්න ඒ පාර මෙයාලා ජාතික දිනත් නම් කරන්න පටන් අරන්...
කොහොම වෙතත් නිවාස අමාත්‍යාංශයේ වැඩවලටයි, සංස්කෘතික අමාත්‍යාංශයේ සල්ලිවලටයි කරපු දේවල් වලට උත්තර දෙන්න සූදානම් වෙන එක හොඳයි.