( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු වී ඇති විශේෂ පෙත්සම් විභාගය අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ කැදවීම සම්බන්ධයෙන් එක් පෙත්සම්කරුවෙකු මෝසමක් මගින් අධිකරණය හමුවේ සිය  විරෝධය පළ කළේය.
 
 මෙලෙස විරෝධය පළ කරනු ලැබුවේ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විශේෂ පෙත්සමක් ගොනු කළ ශ්‍රී ලංකා විනිවිද පෙරමුනේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතාය.
 
 මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදී ඔහු මෙම විරෝධය පළ කරන ලදී.
 
 එම මෝසම සම්බන්ධයෙන් කරුණු විභාගයට ගන්නා බවද  මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සදහන් කළේය .