හබරාදුව ආසාදිතයා සමීපව ඇසුරු කළ 32 කට කොරෝනා නෑ හබරාදුව තල්පෙ අත්තර ගොඩින් ඉකුත්දා සොයාගත් කොරෝනා ආසාදිත පුද්ගලයා සමීපව ඇසුරු කළ පුද්ගලයන් 32 ක් ඊයේ (14) පී.සී.ආර් පරීක්ෂණයට ලක්කළ බවත් ඒ සම්බන්ධයෙන් අද (15) නිකුත් වූ වාර්තා වලට අනුව ඔවුන් සියලු දෙනාම කොරෝනා ආසාදිතයන් නොවන බවට තහවුරු වූ බවත් හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය. 15 July 2020
තවත් කොරෝනා ආසාදිතයින් 6 ක් අද දිනයේදී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 6 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 659 කි. 15 July 2020
‘‘අසත්‍ය ප්‍රචාර පතුරුවන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා‘‘ ජනතාව අතර නොසන්සුන්තාවයක් හා භිතියක් ඇතිවන අයුරින් අසත්‍ය ප්‍රචාර හා කටකථා පතුරුවන අයට එරෙහිව හෙට (16) සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අද (15) පොලිස් මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 15 July 2020
මහර බන්ධනාගාරයේ නිලධාරීන් - රැඳවියන් 150 ක් පී.සී.ආර් පරීක්ෂණයට මහර බන්ධනාගාරයේ නිලධාරීන් හා රැඳවියන් 150 කට අධික පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකළ බවත් ඔවුන්ට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට එම පරීක්ෂණය මගින් සනාථ වූ බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. 15 July 2020
රත්නපුරේ පී.සී.ආර් යන්ත්‍රය අක්‍රීය වී පරීක්ෂණ කල්යයි රත්නපුර ශික්ෂණ රෝහලේ පී.සී.ආර් . යන්ත්‍රය අක්‍රියවී ඇති බැවින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකළ නොහැකි තත්වයක් උදාවී ඇත. 15 July 2020
පැල්මඩුල්ලේ වෙළඳ සැලක් වසා දමයි කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩුවට පැමිණි කොරෝනා ආසාදිත නිලධාරියා භාණ්ඩ මිලදී ගැනීමට ගිය පැල්මඩුල්ල නගරයේ වෙළෙඳ සැලක් වසා දැමීමට එම වෙළඳ සැලේ පාලනාධිකාරිය අද (15) තීරණය කර තිබේ. 15 July 2020
බුද්ධි තොරතුරු නිසි අයුරින් පොලිස්පති කාර්යාලයට ලැබෙන්නේ නැහැ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බුද්ධි අංශ බොහෝමයක බුද්ධි අංශ තොරතුරු පොලිස්පති ලේකම් කාර්යාලයට නිසි අයුරින් නොලැබෙන බව පොලිස්පති ලේකම් කාර්යාලයට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් අචල දුෂ්මන්ත මහතා පාස්කු ඉරුදින බොම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් අද (15) පැවසීය. 15 July 2020
දියතලාවේ 7ක් පී.සී.ආර් පරීක්ෂණ සඳහා බදුල්ල රෝහලට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට දියතලාවට පැමිණි යුද හමුදා සෙබළෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසා ඔහු ඇඳුම් මැසීමට පැමිණි දියතලාවේ ඇඳුම් මසන ස්ථානයක හිමි හිමිකරු ඇතුළු ආශ්‍රිතයින් හත්දෙනකු පී සී ආර් පරීක්ෂණ සඳහා අද (15) බදුල්ල මහ රෝහල වෙත රැගෙන ආ බව හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 15 July 2020
‘මිලියනයකට වඩා පිරිසක් දුම් පානය අතහැරලා ‘ කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය සමඟ මිලියනයකට අධික පිරිසක් දුම්පානය අතහැර දමා ඇති බවට අනාවරණය වී තිබේ. 15 July 2020
ආංශික අධීක්ෂණ කාරක සභාවේදීත් සහරාන් ගැන සාකච්ඡා කළා පාර්ලිමේන්තුවේ ස්ථාපිත ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන මොළකරු සහරාන් හෂීම් සහ තවුහිත් ජමාද් සංවිධානයේ අන්තවාදී ක්‍රියා පිළිබඳ සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සේවා අධ්යක්ෂ ජගත් රුවන් කුමාර මහතා පාස්කු ඉරුදින බෝම්බ මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අද (15) ප්‍රකාශ කළේය. 15 July 2020
බුද්ධි නිලධාරීන් දෙදෙනකු ගොනු කළ පෙත්සම් දෙකක් ප්‍රතික්ෂේප වෙයි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ , පැහැර ගෙන මරා දැමූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව පවසමින් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 15 July 2020
හිඟුරක්ගොඩ - කඳුරුවෙල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් වහයි හිඟුරක්ගොඩ ආපනශාලාවක්, කඳුරුවෙල සහ හිඟුරක්ගොඩ විදුලි උපකරණ අලෙවි ආයතන දෙකක් වසා දැමීමට කටයුතු කළ බව හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ටී.එන්.කේ. නිල්මිණි මහත්මිය පැවැසුවාය. 15 July 2020
බැංගලෝරයට අඟුළු දමයි ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන බැංගලෝරයට මේ වනවිට අඟුළු දමා ඇත. 15 July 2020
පාස්කුදා ප්‍රහාරය දැනුම් නොදුන්නාට කාදිනල්තුමන් මට දොස් කිව්වා පාස්කු ඉරුදින දේවස්ථානවලට බෝම්බ ප්‍රහාර එල්ල වන බව දැනගෙන ඒ පිළිබඳ කිසිදු දැනුම්දීමක් නොකිරීම සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා තමාට දෝෂාරෝපණය කළ බව හිටපු විශේෂ ආරක්ෂක දිසාව බාර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති දූෂන් ප්‍රියලාල් මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (14 වැනිදා) පැවැසීය. 15 July 2020
මාලදිවයිනේ සිර වී ශ්‍රී ලාංකිකයින් 177 ක් මත්තලට මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 177 දෙනෙකු රැගෙන මාලේ නුවර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (15 ) පස්වරුවේ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 15 July 2020
බන්ධනාගාර බුද්ධි ලොක්කා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතන කිරීමේ නඩුවේ තුන් වැනි විත්තිකාර බන්ධනාගාර බුද්ධි අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ සහකාර බන්ධනාගාර අධිකාරී ඉන්දික සම්පත් මහතා සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතන කිරීමේ නඩුව විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (15) නියම කළේය. 15 July 2020
මාර්තු-අප්‍රේල්-මැයි මාසවලට පෙබරවාරි මාසයේ විදුලි බිලම විදුලි පාරිභෝගිකයින්ගෙන් මාර්තු, අප්‍රෙල්, මැයි මාස සඳහා ද පෙබරවාරි මාසයේ විදුලි බිලෙහි ඇති ගාස්තුව හා සමාන ගාස්තුවක් අයකරගැනීමට අද (15) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. 15 July 2020
ලොව පුරා මිලියන ගණනක් නැවත අගුළුදැමීමට යටත් වෙති දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමත් සමඟ ලොවපුරා මිලියන ගණනකට නැවත වරක් දැඩි සීමාවලට යටත් වීමට සිදුව ඇත. 15 July 2020
යක්කලමුල්ල පොලීසියේ 49 ක තැපැල් ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ නියමිත දිනට ඉදිරිපත් නොකිරිම නිසා යක්කලමුල්ල පොලිසියේ නිලධාරින් 49 කුගේ තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්ෂේපවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා පැවසිය. 15 July 2020
විභාග දෙපාර්තමේන්තුවේ එක් දින-සාමාන්‍ය සේවා කවුළු වහයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 15 July 2020
දිස්ත්‍රික්ක 16 ක පුද්ගලයින් 3000 ක් නිරෝධායනයට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්රිත පොකුර ඔස්සේ ඇතිවූ කොවිඞ් 19 ආසාදිතයින් මේ වනවිට දිස්ත්‍රික් 16 කින් වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේය. 15 July 2020
යළි සේවයේ පිහිටුවන්නැයි ඉල්ලා ශානිගෙන් පෙත්සමක් රහස් පොලිස් අධ්‍යක්ෂකවරයා වශයෙන් සිටියදී ඉකුත් ජනාධිපතිවරණ සමයේදී තමන්ව වැඩ තහනමට ලක් කරමින් ජාතික පොලිස් කොමිසම නිකුත් කළ ලිපියෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සදහන් කරමින් තමාව යළිත් රහස් පොලිස් අධ්‍යක්ෂක ධූරයේ පිහිටුවන ලෙසත්, තමන්ට සිදුවූ හානියට රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 15 July 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 653ට බසී වසංගත රෝග විද්‍යා අංශය අද(15) උදෑසන 10.00ට නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 653 දක්වා අඩු වී තිබේ. අද දිනයේදී සුවය ලබා 13 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමඟ, ප්‍රතිකාර ලබන සංඛ්‍යාව එම අගය ගෙන ඇත. 15 July 2020
ගම්පහ 80කට පී සී ආර් පරීක්ෂණ කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති, ගම්පහ ප්‍රදේශයෙහි පුද්ගලයින් දෙදෙනෙකුගේ ආශ්‍රිතයින් 80 දෙනෙකු පමණ පී.සී.ආර් පරීක්ෂාවට ලක්කිරීම අද (15) ගම්පහ නගර සභා ප්‍රජා ශාලාවේදී සිදු කෙරිණි. 15 July 2020
මුහුණු ආවරණ නොමැති 85කට දැඩි අවවාද තංගල්ල නගරයේ සහ නගරය අවට ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂාවකදී මුහුණු ආවරණ නොමැතිව සිටි 85 දෙනකුට දැඩි අවවාද කිරීමට තංගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරිහු අද (15) ක්‍රියා කළහ. 15 July 2020
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමත් හමුදාවට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගමකින් ඉවත් කර හමුදාවට භාර දෙන බව රජය පවසයි. මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර, ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදාව අතර සාකච්ඡාවක් පැවැත්වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 15 July 2020
පෝස්ටර් - බැනර් නැති ඡන්දය යහපත් වෙනසක් ඡන්දය ඇත. පෝස්ටර් නැත. මනාප සටනක් ඇත. කටවුට්, බැනර් නැත. මාධ්‍ය සාකච්ඡා ඇත. පෙළපාළි නැත. රැස්වීම් ද ඇත. එහෙත් වෙනදාතරම් නැත. මේ ඇති-නැති පරතරය පිළිබඳ පුරෝකථනයක් නොවේ. අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේ අපට පෙනෙන සැබෑ වෙනසක කෙටි හැඳින්වීමකි. 15 July 2020
කලවාන එක්සත් වෙළඳ සංගමයේ කඩ අදත් වහයි කොරෝනා තත්වය කලවාන ප්‍රදේශයට බලපෑම හේතුවෙන් අද (15) උදෑසන සිට ප්‍රදේශයේ වෙළඳසැල් වසා දැමීමට තීරණය කර ඇති බව කලවාන එක්සත් වෙළඳ සංගමයේ සභාපති ඩබ්ලිව්. ඩී. රැද්රිගු මහතා පැවසීය. 15 July 2020
ගොනාපිනුවල 34ක් ස්වයං-නිරෝධායනයේ තෙලිකඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ගොනාපිනුවල මාජුවාන පවුල් 8කට අයත් පුද්ගලයින් 34 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවරගෙන ඇති බැව් තෙලිකඩ පොලිසිය පවසයි. 15 July 2020
ගල්කිරියාගම 100 ක් නිරෝධායනයට ගල්කිරියාගම රණව ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත පුද්ගලයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ස්ථානයකට ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 14 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026