කොරෝනා රෝගීන් සංඛ්‍යාව 666 ට නගී කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2665 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි 14 July 2020
කුසිනාරාව ජාත්‍යන්තර ගුවන්තොටුපළක් කරයි ඉන්දියාවේ කුෂිනගර් (කුසිනාරා) ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සභාපතිත්වයෙන් යුත් ඉන්දියානු මධ්‍යම කැබිනට් මණ්ඩලය විසින් උත්තර් ප්‍රදේශ් හි කුෂිනගර් ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අනුමැතිය ලබා දී තිබේ. 14 July 2020
අහඹු නියැදියකින් පී.සී.ආර් පරීක්ෂණ කිරීම වහාම අරඹන්න කොරෝනා හෙවත් කොවිඩ් 19 දෙවැනි රැල්ල පාලනය කිරීමට නම් රෝග වාහකයන් නිවැරදිව හඳුනාගැනීම සඳහා රටේ සෑම ප්රදේශයක්ම ආවරණය වන පරිදි අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් පී.සී.ආර් පරීක්ෂණවලට ලක්කිරීම වහාම ආරම්භ කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 14 July 2020
ගම්පහ වැරැල්ලවත්තේ 21 ක් නිරෝධායනයට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයකු ලෙස කටයුතු කරන අයෙකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහු පදිංචි ගම්පහ වැරැල්ලවත්ත ප්‍රදේශයේ පවුල් 04 කට අයත් පුද්ගලයන් 21 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමින්ද සමරදිවාකර මහතා අද (14) වැනිදා පැවසීය. 14 July 2020
පිළියන්දල 50 ක් ස්වයං නිරෝධනයට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ පිළියන්දල දැල්තර පදිංචි හමුදා නිලධාරියාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට පී.සී.ආර් පරීක්ෂණයෙන් තහවුරු වීමෙන් පසු ඔහු ආ ගිය බව කියන නිවාස,වෙළඳ සැල් කිහිපයක් වසා දැමීමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාව මහතා පැවසීය. 14 July 2020
ජනපතිට එරෙහිව සිතාසි නිකුත් කරන්න බෑ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් සහ කුගන් අතුරුදන් වීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවේ සාක්කිකරු හැටියට නම් කර සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සිතාසි නිකුත් කළ නොහැකි බව ජනාධිපති වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අභියාචනාධිකරණය හමුවේ අද (14) පැවසීය. 14 July 2020
‘‘සමාජයෙන් රෝගීන් හඳුනාගන්නේ නම් ඒ බව දැනුවත් කරනවා‘‘ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වන බවට කට කතා හා සමාජ මාධ්‍ය හරහා පුවත් වාර්තා වන බවත් එවැනි තත්ත්වයක් නම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 14 July 2020
ගම්පහ දිසා මහේස්ත්‍රාත්වරිය ඇතුළු 8 ක් නිරෝධායනයට ගම්පහ අංක 2 දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරිය ඇතුළු 8 දෙනෙකුව නිරෝධායනය සදහා අද (14) සිට යොමු කළ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 14 July 2020
බදුල්ලේ 116 ක් නිරෝධායනයට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩු ලබා පැමිණ නැවත රාජකාරියට වාර්තා කිරීමෙන් පසු කොවිඩ් 19 ආසාදිතයින් යැයි තහවුරු කරගත් බදුල්ල දිස්ත්‍රික්කයේ යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුගේ ආශ්‍රිතයින් 116 ක් නිරෝධායනයට ලක්කර තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය රොහාන් මාපා මහතා පැවසීය. 14 July 2020
අසනීප තත්ත්වයක් හේතුවෙන් බදියුදීන් සී.අයි.ඩීය ට පැමිණ නෑ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අද (14) පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට දන්වා ඇතත් ඒ මහතා හදිසියේ අසනීප වීම හේතුවෙන් පේසාලේ රෝහලට ඇතුළත් කර ඇති බවත් දින තුනක් විවේකීව සිටින ලෙස වෛද්‍යවරු ඒ මහතාට උපදෙස් ලබාදී ඇති බවත් ඒ අනුව ඔහු එහි නොපැමිණි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය. 14 July 2020
සීදූවේ කොරෝනා ආසාදිතයා ඇසුරු කළ 30 ක් නිරෝධායනයට සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ එක් අයෙකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟ ඔහු ඇසුරු කළ ආශ්‍රිතයන් 30 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනට යොමු කර ඇති බව එම කාර්යාලයේ ප්‍රකාශකවරයකු පැවසීය . 14 July 2020
ආරච්චිකට්ටුවේ ප්‍රා.සභා මන්ත්‍රී රිමාන්ඩ් අනියම් බිරිඳ ඇතුළු සිව් දෙනෙකු කපා කොටා බරපතල තුවාල සිදුකර පලා ගොස් සැඟව සිටි ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු මේ මස 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (14) නියෝග කළේය. 14 July 2020
ශ්‍රීලනිපයට අපහාස කරන්නන්ට එරෙහිව නීති පියවර ගැනීමට යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ඇතුළු එහි මැතිවරණ අපේක්ෂකයින්ට මැතිවරණ වේදිකාවේදී අපහාස කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ට එරෙහිව හා ශ්‍රීලනිපයේ වර්ණය වන නිල් පැහැය වෙනත් පක්ෂයක් විසින් යොදාගැනීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව එම පක්ෂය පවසයි. 14 July 2020
උතුරු මැද ආණ්ඩුකාරවරයාගේ පක්ෂ ලකුණ මුහුණු ආවරණයේ පොලොන්නරුව තේරීම් භාර නිලධාරියා ද වන දිසා ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුවට උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා පක්ෂයක ලාංඡනයක් සහිත මුහුණු ආවරණයක් පැළඳ පැමිණි බවට පැෆරල් සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාට අද (14) පැමිණිලි කළේය. 14 July 2020
කළුතර බන්ධනාගාරයට තහනම් භාණ්ඩ දැමීමට ගිය 11 ක් අත්අඩංගුවට කළුතර බන්ධනාගාරයේ තාප්පයට පිටතින් තහනම් භාණ්ඩ තොගයක් දැමීමට සුදානම් වූ 11 දෙනෙක් අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි. 14 July 2020
ආසාදිතයින් ඇසුරු කළ 647 ක් නිරෝධායනයට කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 647 දෙනෙකු මේවන විට නිරෝධායනයට ලක්කර සිටින බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යා ඒකකය කියයි. 14 July 2020
පලාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 10 ක් ඇතුළු 15 ක් නිරෝධායනයට කොරෝනා ආසාධිතයකු සේවා ලබා ගැනීමට පැමිණ ඇතැයි හෙළි වීමත් සමඟ පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් 10 දෙනෙකු ඇතුලු 15 දෙනෙකු අද 14 දහවල් වනවිට ස්වයංනිරෝධායනයට යොමුකළ බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාරයාලය පවසයි. 14 July 2020
ලෙල්ලොපිටියේ ආයතනයක් වසා 14 ක් නිරෝධායනයට රත්නපුර ලෙල්ලොපිටිය ප්‍රදේශයේ අලෙවි නියොජිත ආයතනයක් වසා දමා එහි සේවය කළ 14 දෙදෙනෙකු සහ ඔවුන්ගේ පවුල් නිවෙස් නිරෝධායනයට ලක් කිරිමට පැල්මඩුල්ල සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේය. 14 July 2020
මීගමු රෝහලට ආ රැඳවියා පළා යන්න ගොස් මහලෙන් වැටී මරුට මීගමුව බන්ධනාගාරයේ සැකකරුවකු හදිසි රෝගී තත්ත්වයක් මත මීගමුව රෝහලට ඇතුළත් කර සිටියදී මාංචු ගලවා පලා යෑමට උත්සහ ගත් අවස්ථාවේදී එහි 8 වන මහලෙන් බිමට වැටී මියගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 14 July 2020
කොරෝනා ආසාදිතයන් 5ක් හමුවෙයි ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත රෝගීන් 5දෙනෙකු අද(14) දිනයේදී මේ වන විට වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 14 July 2020
රාගම පෞද්ගලික රෝහලක් වසාදමයි රාගම පෞද්ගලික රෝහලක සේවය කළ කළමනාකරුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ එම රෝහල තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. 14 July 2020
මුහුදු කූඩැල්ලන් සමඟ තිදෙනකු අත්අඩංගුවට ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කළ බවට සැක සහිත මුහුදු කූඩැල්ලන් දැමූ මළු 17ක් කල්පිටිය කන්දකුළිය ප්‍රදේශයේදී ලොරි ප්‍රවාහනය කරමින් තිබියදී තිදෙනෙකු ද සමඟ කල්පිටිය නාවික හමුදාව මගින් අත් අඩංගුවට ගෙන අද (14) කල්පිටිය පොලිසිය වෙත භාර දී ඇත. 14 July 2020
ප්‍රා. සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට කාලයක් තිස්සේ පවත්වා ගෙන ගිය අනියම් ඇසුර නතර කිරිම සම්බන්ධයෙන් ඇතිවූ කෝපයෙන් පසු ඇය හා තවත් කාන්තාවන් දෙදෙනකු හා පිරිමියකු තියුණු ආයුධයකින් කපා කොටා පලා ගොස් සැගව සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අද (14) දහවල් හලාවත නල්ලනායගම් වැව් බැම්ම මතදී අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි. 14 July 2020
මධ්‍යම පළාතේ 300ක් ස්වයං නිරෝධායනයට කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ, කොරෝනා ආසාදිතයන් බවට තහවුරු කරගත් හමුදා නිලධාරින් 9 දෙනෙකු මධ්‍යම පළාතේ පදිංචිකරුවන් බව තහවුරු වී ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි. 14 July 2020
බලන්ගොඩ තවත් 23 ක් නිරෝධායනයට පසුගිය දිනවල කෝවිඩ් -19 ආසාදනය වී ඇතැයි හඳුනාගත් පුද්ලයෙකු සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ බලන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් 6 දෙනා සමග සම්බන්ධතා පැවැත්වූ තවත් 23ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නූර්දීන් රිෆයිඩීන් මහතා පැවසීය. 14 July 2020
කලවානේ කඩ වහයි කොරෝනා තත්වය කලවාන ප්‍රදේශයට බලපෑම හේතුවෙන් අද(14) දහවල් 12.00 සිට ප්‍රදේශයේ වෙළඳසැල් වසාදැමීමට කලවාන එක්සත් වෙළඳ සංගමයේ සභාපති ඩබ්ලිව්. ඩී. රැද්රිගු මහතා පැවසීය. 14 July 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 654 ට නගී වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 654 දක්වා ඉහළ ගොස් තිබේ. 14 July 2020
මහනුවර ජනතාව ඇමතිට නිසි පිළිතුරු නොදුන්නොත් ඔවුන් මෝඩයින් වෙනවා අපගේම ඇමතිවරයෙක් 2011 ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම ගැන කළ ප්‍රකාශය අනුමත නොකරන අතර මහනුවර ජනතාව ඇමතිවරයාට නිසි පිළිතුරු නොදුන්නොත් ඔවුන් මෝඩයන් සේ සැලකීමට සිදුවන බව දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයලත් නන්දන ප්‍රනාන්දු මහතා ( පොදුජන පෙරමුණ ) අද(14) පැවසීය. 14 July 2020
හමුදාවේ ආසාදිතයන් දෙදෙනකු ඇසුරු කළ 30 ක් නිරෝධායනයට කන්දකාඩු පුනරුත්ථාපන නිරෝධායන කඳවුරේ සේවය කළ හෝමාගම කැන්දලන්ද සහ ගොඩගම ප්‍රදේශවල යුද හමුදා නිලධාරීන් දෙදෙනකු කොවිඞ් 19 ආසාදිතයින් බවට හඳුනා ගැනීමෙන් පසු එම නිළධාරීන් දෙදෙනා නිවාඩු ලබා පැමිණ සිටියදී ආශ්‍රය කළ පවුල් 7 කට අයත් පුද්ගලයින් 30 දෙනෙකු අද (14) නිරෝධායනයට යොමු කළ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 14 July 2020
රත්නපුර ආසාදිතයා ඇසුරුකළ බලංගොඩ 6ක් නිරෝධායනයට පසුගිය දින කිහිපය තුළ කොරෝනා රෝගය වැළඳුණු, රත්නපුර රෝගියා ඇසුරු කළ බළංගොඩ පුදේශයේ පුද්ගලයින් 6දෙදෙනෙකු අද(14)සිය නිවෙස්වලම ස්වයං නිරෝධනයට ලක්කර ඇති බව බළංගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ජයවික්‍රම මහතා සඳහන් කළේය. 14 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026