පොළොන්නරුවේ ඇඟලුම් කම්හළකට පෙබරවාරි 1 වැනිදා තෙක් නිවාඩු
පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලකින් කොරෝනා රෝගීන් විශාල වශයෙන් හමුවීම නිසා එම ඇඟළුම් කම්හලේ සියලුම සේවකයින්ට පෙබරවාරි මස 01 වැනිදා තෙක් නිවාඩු ලබාදෙන ලෙස උපදෙස්දී ඇතැයි පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා අද(28) ප්‍රකාශ කළේය.