(තිළිණි ද සිල්වා)
දේශීය හා විදේශීය සංචාරක ව්‍යාපාරය නැංවීම සදහා නුවරඑළිය, දිගන හා බණ්ඩාරවෙල නව අභ්‍යන්තර ගුවන් තොටුපළවල් තුනක් ඉදිකිරීමට යෝජනා ඉදිරිපත් වී ඇති බවත් , ඒ සම්බන්ධයෙන් ද ඉදිරි කටයුතු සිදු කෙරෙමින් පවතින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
තවද සංචාරක කලාප පහක පිහිටි සීගිරිය, කොග්ගල, අම්පාර, අනුරාධපුරය හා හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රමුඛතා පදනම යටතේ වැඩි දියුණු කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි ද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
අලුතින් ඉදිකිරීමට යෝජනා වී ඇති නුවරඑළිය අභ්‍යන්තර ගුවන්තොටුපළ සදහා සීතාඑළිය බීජ අල ගොවිපළ භූමිය, සදතැන්න, ගෙග්‍රරි වැවට නුදුරු ප්‍රදේශ ආශ්රිත ප්‍රදේශ මේ සදහා පරික්ෂා කෙරුණ ද, අදාළ ස්ථාන අභ්‍යන්තර ගුවන් තොටුපලක් ඉදිකිරීමට නුසුදුසු බව තහවුරු වී ඇති හෙයින් ඊට ප්‍රදේශයේ වෙනත් ස්ථානයක් සම්බන්ධයෙන් ඉදිරිපත් ව ඇති යෝජනාවක් කෙරෙහි ද මේ වන විට අවධානය යොමුව ඇති බවත් එම ස්ථානය පීළිබද ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.
බණ්ඩාරවෙල අභ්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම 2016 වසරේ ජාතික අයවැය යෝජනාවක් අනුව ඉදිකිරීමට යෝජිත බවත් , දිගන අභ්‍යන්තර ගුවන් තොටුපළ සම්බන්ධයෙන් ගුවන් හමුදාව ඉදිරි කටයුතු සිදු කරමින් තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
මේ වන විට මෙරට අභ්‍යන්තර ගුවන් පථ 10 ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පාලනය යටතේ පවතින අතර සීගිරිය, කොග්ගල, අම්පාර, අනුරාධපුරය, හිගුරක්ගොඩ, කටුකුරුන්ද, ත්‍රීකුණාමලය, වවුනියාව, වීරවිල, පුත්තලම එම ගුවන්තොටුපළවල බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
ඊට අමතරව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම යටතේ රත්මලාන, යාපනය හා මඩකලපුව ගුවන් තොටුපළ ක්‍රියාත්මක අතර එම ගුවන්තොටුපළ අභ්‍යන්තර ගුවන්තොටුපළ ලෙස ද ක්‍රියාත්ම බවද එම අමාත්‍යාංශය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට වැටිලා ඉන්න වෙලාවේ පිස්සු වැඩ කරන්න එපා
තියෙන ගුවන් යානා දෙක තුනවත් නඩත්තු කරගන්න බැරිව ගුවන් යානා, ගුවන් කොටුපළවල් අලුතින් ගේන්න, හදන්න හදන්නේ කොහේ තියෙන සල්ලි වලින්ද? ඔහේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලද?
මෝඩයෝ ඕවා කරන්න සල්ලි තියෙනවද? අධිවේගී මාර්ග තිබුණාම ඇති... ඉස්සරලා එන මිනිස්සුන්ට ශරීර කෘත්‍ය කරගන්න වැසිකිළි ටිකක් වාගේ පුලුවන් වැඩක් කරන්න... ඕවා ජනතා මුදල්... ඔබලා ගෙදරින් ගෙනෙන්නේ නැහැනේ....
අපි වගේ පුංචි රටකට මේ තියන ගුවන් තොටුපලවල් හොඳටම ඇති. වෙන්න ඕනෑ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සුවපහසු, අධිවේගී දුම්රිය සේවයක් ස්ථාපනය කිරීමයි. එමහින් මේ රට බහුතර පුරවැසියන්ට මෙන්ම සංචාරයකයින්ටද අති විශාල පිටුවහලක් වනු නොඅනුමානයි.
අපිට දැන් අඩු ඔච්චරයි.
අනේ ප්‍රසන්නයෝ..., සංචාරක දියුණු කරන්න ඉස්සෙල්ලාම සංචාරකයෝ එන ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් විදිහට වැඩ කරගන්න බලනවා. ඔය කොරෝනා නිසා ඕක කොහොමත් මේ වෙලාවේ අඩපණ වෙලා තියෙන්නේ මුළු ලෝකෙම. නමුත් ලංකාව මෙපමණ මූල්‍ය ණය අර්බුදයකට පත්ව ඇති මේ කාලේ, තවත් මහජන මුදල් සහ ණය අරන් ඔයා එයාර්පෝර්ට් හදලා වැඩක් නෑ. ඔයාලගේ කට්ටියට කොමිස් නම් හම්බ වෙයි. හැබැයි රට බංකොළොත් වෙන වැඩ... ඔය මොළවලට ඕවා ප්ලෑන් කරන කට්ටිය මුළු රට මේ වනවිට තියෙන තත්වය ගැනත් හිතලා වැඩ කරපල්ලා.. අනාගත පරපුරට ගෙවා ගන්න බැරිතරම් රට ණය අරගෙන....