ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය කොළඹ ජනාධිපති ලේඛම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපට අසුන් ගනිමින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ. 24 September 2025
ඇමැති වසන්ත - කතානායක රට සල්ලි හොයපු විදිය රටට කියන්න අමාත්‍ය වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ලබාගෙන ඇති ක්‍රිප්ටෝ මුදල් 3000 සහ කතානායක වෛද්‍ය ජගක වික්‍රමරත්න මහතාගේ බයිනෑන්ස් ගිණුමේ ඇති යූඑස්ඩීටී 1850 ලබා ගත්තේ කෙසේදැයි මැතිසබයට හෙළි කරන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය 24 September 2025
එක්ස්ප්‍රස් පර්ල් ඩොලර් කෝටි සීයේ වන්දි නොගෙවයි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු තිරයේදී ගිනිබත් වීම හේතුවෙන් සමුද්‍රිය පරිසර පද්ධතියට හා ආර්ථිකයට සිදුවූ හානිය වෙනුවෙන් එම නෞකාව අයත් එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගමට වසරක් තුළ ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ ඇමෙරිකානු ඩොලර් කෝටි 100 ක මූලික වන්දි මුදල එම සමාගම නොගෙවන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂ්මුවෙල් යොස්කොවිට්ස් ඒ.එෆ්.පී පුවත් සේවය සමග විශේෂ සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින් ප්‍රකාශ කර තිබිණි. 24 September 2025
“තල් අරඹෙන් රුහුණු පුරට” වැඩසටහන ඇරඹෙයි තරුණ තරුණියන් අතර ද්වී භාෂා සන්නිවේදන හැකියාව ශක්තිමත් කිරීමේ අරමුණින් භාෂා පාලම ගොඩනැංවීම උදෙසා වන “තල් අරඹෙන් රුහුණු පුරට” තරුණ හුවමාරු වැඩසටහන අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ආරම්භ විය. 24 September 2025
ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් හමුවෙයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේදී ඇමරිකා වේලාවෙන් (23) පස්වරුවේ පැවැත්විණි. 24 September 2025
ටැබ් පරිගණක -දුරකතන සමඟ තිදෙනකු ගුවන්තොටේදී අල්ලයි රුපියල් හය කෝටි විසි ලක්ෂයක් වටිනා අතිනවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් තිදෙනෙකු සමග අද(24) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 24 September 2025
වකුගඩු ලෙඩ වැඩි වසම් 134කට පිරිසිදු වතුර දෙයි එප්පාවල, ගිරිඛාව, රාජාංගනය සහ නොච්චියාගම ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතියේ අදියර 1 ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 24 September 2025
ලංකාවේ ක්ලෝරීන් කම්හලක් අරින්න යයි පරන්තන්හි කෝස්ටික් සෝඩා/ක්ලෝරීන් ව්‍යාපෘතිය සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාෂය පළ කිරීමේ යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 24 September 2025
පොහොට්ටුවේ මහ ලේකම්ගෙන් තිස්ස කුට්ටිට අවවාද ප්‍රසිද්ධ රැස්වීම් වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතාට අවවාද කර ඇත. 24 September 2025
ලස්සන තැන් වලට යන පාරක් දියුණු කරයි ඇඹිලිපිටිය - පනාමුර - බුළුතොට ( බී115) මාර්ගය වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 24 September 2025
දැව ලොරියට යටවී තිදරු පියා මරුට යතුරු පැදියක් පණ ගැන්විමට තල්ලු කරමින් දිව විත් එයට නැගිමට උත්සහ කළ තිදරු පියෙකු මාර්ගයේ දැව ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට යටවි එම ස්ථානයේදී මරණයට පත්ව ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 24 September 2025
‘කුෂ්‘ සමඟ විදේශිකයා ගුවන්තොටේදී අල්ලයි රුපියල් එක් කෝටි පනස් පන් ලක්ෂ හැට දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගියෙකු අද(24) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 24 September 2025
ඇතැම් ප්‍රදේශවලට තද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 24 September 2025
හල්දුම්මුල්ලේ සුළු භූ කම්පනයක් හල්දුම්මුල්ල වෙලන්විට අක්කරසීය ලේමස්තොට මුරුතහින්න ආදී ප්‍රදේශවලට අද 23 සවස 6.46 ,6.47, විනාඩියේදී සුළු වූ කම්පන තත්ත්වයක් ඇති වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 24 September 2025
ඇෆ්ගන් දරුවා ගුවන් යානා රෝදයේ සැඟවි දිල්ලියට එයි ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර සිට ඉන්දියාවේ දිල්ලි නගරය බලා පියාසර කළ කාම් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක රෝද සම්බන්ධ වන කුඩා කුටියේ සැඟවී 13 හැවිරිදි ඇෆ්ගනිස්තාන පිරිමි දරුවකු ඉන්දියාව බලා පැමිණි පුවතක් විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය. 24 September 2025
එක්ස්ප්‍රස් පර්ල් වන්දිය අත්‍යාවශ්‍යයි එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසර පද්ධතියට, ජීවනෝපායන්ට සහ වෙරළබඩ ප්‍රජාවට දැඩි හානියක් සිදු කළ බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යුක්තිය සහ වගවීම සඳහා වූ වැදගත් පියවරක් බවත් එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. 24 September 2025
ජනපති ඇමරිකාවට ගොඩබසී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) එක්සත් ජනපද වේලාවෙන් පෙ.ව 8.50ට පමණ ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියේ ය. 23 September 2025
අවන්හලේ දමාගිය විදේශිකයාගේ වත්කම් සුරක්භාෂිතව භාරදෙයි කොළඹ සිට සීගිරිය නැරඹීමට පැමිණ දඹුල්ල පැල්වෙහෙර පිහිටි අවහන්හලකින් ආහාර ගැනීමට ආ විදේශීය සංචාරකයෙකුගේ අමතක වී ගිය රුපියල් ලක්ෂ 18කට අධික මුදල් හා විදේශීය මුදල් විශාල ප්‍රමාණයක් ඇතුලු අනෙකුත් උපකරණ විදේශීය සංචාරකයාගේ අත් බෑගය එම විදේශීය සංචාරකයා වෙත යලි භාරදීමට දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ අවන්හල්හිමියෙකු ඊයේ 22 කටයුතු කර තිබේ. 23 September 2025
’’එක්ස්ප්‍රස් පර්ල් වන්දි සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව හරහා කටයුතු කරනවා’’ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව හරහා කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹ දී ඊයේ(23) පැවසීය. 23 September 2025
දූෂණයට එරෙහි සටනට නවසීලන්ත සහාය ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද(23)සිදුවිය. 23 September 2025
කාටත් නිදහස් ජීවත ගෙවන්න ප්‍රතිපත්ති හදනවා සෑම ප්රජාවකටම සංස්කෘතික-පෞද්ගලික සහ දේශපාලනික ජීවිත කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකිවන පරිදි ප්‍රතිපත්ති සැලසුම් කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 23 September 2025
සරසවි වල නැවතුනු වැඩට යළි පණ එයි විශ්ව විද්‍යාල වල නිම කර නොමැති ඉදිකිරීම් ව්‍යාපෘතීන්හි සියලු වැඩ නිම කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 September 2025
ළඟම පාසල හොඳම පාසල කරන වැඩ යළි අරඹයි ’’ළඟම පාසල හොඳම පාසල’’ ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක කර අතරමඟ නැවතී ඇති උප ව්‍යාපෘති වල වැඩ අවසන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 September 2025
විදුලිය අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුව හෙට පාර්ලිමේන්තුවට විදුලිබලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අනුමතිය සඳහා හෙට (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. 23 September 2025
සිසුවියක් ගෑස් ලොරියට බිලිවෙයි පස්යාල ගිරිඋල්ල මාර්ගයේ මීරිගම ජාතික පාසල ආසන්නයේදී ගෑස් ප්‍රවාහනය කරන රථයක යතුරු පැදියක් ගැටීමෙන් බරපතල තුවාල ලැබූ පාසල් ශිෂ්‍යාවක අද(23) දහවල් මීරිගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි මීරිගම පොලිසිය කියයි . 23 September 2025
ජනපති හෙට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය හෙට (24) ඇමතීමට නියමිතය. 23 September 2025
විදුලි සේවක අසාධාරණ ඉල්ලීම් පිළිගන්නේ නෑ රජය විදුලි සේවකයන්ගේ අයිතිවාසිකම් පිළිගත්තත් අසාධාරණ ඉල්ලීම් පිළිගැනීමට සූදානම් නැතැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 23 September 2025
විපක්ෂෙ ඉන්න අපට විදුලි බල ප්‍රශ්නෙ කියන්නෙ මොකද? පාර්ලිමේන්තුවට ඇවිත් විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්න ගැන විපක්ෂයේ ඉන්න අපට කියන්නේ මොකටදැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය. 23 September 2025
අපි ආවේ නැත්තං තංගල්ල පොලේ අයිස් විකුණනවා ජාතික ජන බලවේග ආණ්ඩුවක් පත් නොවුනා නම් තංගල්ලේ පොලෙත් අයිස් විකුණනවා යැයි පත්කළ මන්ත්‍රී නජිත් ඉන්දික මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 September 2025
අධිකරණ ඇමැති ජිනීවා යයි බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිලිබඳ කමිටුව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කරනු ලබන පළමු කාලාන්තර සමාලෝචනය සඳහා සහභාගී වීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව හෙට (24) පිටත්ව යාමට නියමිතය. 23 September 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026