(යොහාන් භාසුර)
ඉන්ධන සැපයුමේ අර්බුදය හමුවේ ඉන්ධන පරිභෝජනය සීමාකිරීම සඳහා හදුන්වාදුන් කිව්ආර් කේතයට සම්බන්ධ ගැටලු විසදා ඇති බවත් ලියාපදිංචි වාහනවලින් 10,000 ක පමණක් ගැටලුවක් පවතින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා අද (17) පැවසීය.
එම වාහන 10,000 හැර සෙසු සියලුම වාහනවල කිව්ආර් කේතය සක්රීය බව කී නෙත්තිකුමාර මහතා කිව්ආර් කේතයේ දිනය ලබන සෙනසුරාදා (21) වන දින මාරවන බව ද සඳහන් කළේය.
කිව්ආර් කේතයට වාහන ලක්ෂ 50 ක් පමණ මේ වන විට ලියාපදිංචි වී තිබේ.කෙසේ වෙතත් කිව්ආර් කේතය සම්බන්ධ ගැටලුකාරී තත්වය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින බව ජනතාව අදත් (17) පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd