(අංජුල මහික වීරරත්න සහ ගයාන් සූරියආරච්චි)

බස්නාහිර පළාතේ  අපරාධ මැඩලීමට තොරතුරු ලබාදීම සඳහා මහජනතාවට නව WhatsApp දුරකථන අංකයක් හඳුන්වා දුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත පැය 24 පුරාම ක්‍රියාත්මක මෙම දුරකථන අංකය මගින් ඇමතිය හැකිය.

බස්නාහිර පළාතේ සිදුවන අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් තොරතුරු මෙම නව WhatsApp දුරකථන අංකය ඔස්සේ ලබාදීමේ හැකියාව ඇතැයි ද තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට පොලිසිය කටයුතු කරන බවද මාධ්‍ය කොට්ඨාස සඳහන් කරයි.

0777128128 එම WhatsApp දුරකථන අංකයයි.