
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව හෙට(18) දිනයේ භාරදීමට කටයුතු කරන බව සමග ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියන් හා සේවා නියුක්තයන්ගේ පාරිශ්‍රමික සහ සේවා කොන්දේසි තීරණය කිරීම පිළිබඳ යෝජනාව පිළිබද විවාදයේදීය.
අජිත් පෙරේරා මහතා මෙසේද පැවසීය.
මේ වගේ දූෂිත පරිපාලන ක්‍රියාදාමය අසමත් වූ ඇමතිවරයෙකු තව නෑ. මේ මොහොතේ රටේ තියෙන ඩීසල් අර්බුදය ගල් අඟුරු අර්බුදය ඒ වගේම මාස කීපයකින් රටේ ගල් අඟුරු නැති වීමෙන් අැතිවන විදුලි පද්ධතිය කඩා වැටීමට වගකිවයුත්තේ බලශක්ති අමාත්‍යවරයා. 159 ක් තිබ්බා කියල ලොකුවට හිතන්න එපා. පරිපාලන ක්‍රියාදාමය අසමත් වෙච්ච දූෂිත සමාගම් සමග කටයුතු කරන ඇමතිවරයෙක්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd