‘සිපෙට්කෝ ඉන්ධන අළෙවියෙන් කෝටි 1,070 ක ලාභයක් ලබයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම වසරේ පළමු මාස අට තුළ ඛනිජ තෙල් පිරවුම්හල් ජාලය හරහා වෙළෙදාම් කිරීම තුළින් රුපියල් බිලියන 10.7 ක් හෙවත් රුපියල් කෝටි 1,070 ක ලාභයක් ලැබූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා අද (25) පැවසීය. 25 September 2025
බණ්ඩාරගම ප්‍රා.ස.හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට බණ්ඩාරගම වෑවිට වැවට ඒ බි සි ගල් යොදා අනවසරයෙන් ගොඩකිරීම සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි 25 September 2025
බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ් ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳ ලබන 09 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද (25) නියෝග කළේය. 25 September 2025
නවසීලන්ත තානාපති කථානායක හමුවක් ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්වරුන් අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුවිය. 25 September 2025
මැතිසබේ හිංසන සිද්ධිය: පරිපාලන අධ්‍යක්ෂිකාවගෙනුත් කටඋත්තරයක් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදු වී ඇතැයි පැවසෙන හිංසන ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පත්කෙරුණු හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු බාහිර විමර්ශන කමිටුව පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂිකා ඉන්දිරා දිසානායක මහත්මියගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත. 25 September 2025
රට පුරා පුංචි රෝහල් දහසක් අරින වැඩේ අරඹයි දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන දහසක් පිහිටු වීමේ වැඩසටහන යටතේ මෙම වසරේදී ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන සියයක් ජනගත කිරීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කියයි. 25 September 2025
’’පාර්ලිමේන්තුවේ පොදු වැසිකිලියට ඉබ්බා දාන්න එපා’’ පාර්ලිමේන්තුවේ පොදු වැසිකිලියට ඉබ්බා දාන්න එපා යැයි යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් මතු කරමින් අද(25) පැවසීය. 25 September 2025
ජනපති-ඕස්ට්‍රේලියා අගමැති ද්වි-පාර්ශ්වික සාකච්ඡාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඕස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇල්බනීස් (Anthony Albanese) මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී පැවැත්විණි. 25 September 2025
රට පුරා සන්නද්ධ හමුදා කැඳවන ආඥාවක් මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 25 September 2025
විශ්වාසභංගෙට ගත් වාර්තා දෙකක් මැතිසබයට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විශ්වාසභංග යෝජනාව භාරදුන් අවස්ථාවේදී එම විශ්වාස භංග යෝජනාව භාර ගැනීමට හැකියාව ඇත්දැයි සෙවීමට නීතිපතිවරයාගෙන් සහ පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයෙන් ලබා ගත් වාර්තා කතානායකවරයා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය. 25 September 2025
ජනපති- පාකිස්ථාන අගමැති හමුවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී පැවැත්විණි. 25 September 2025
ලංකා - පෘතුගාල නායකයෝ හමු වෙති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පෘතුගාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා (Marcelo Rebelo de Sousa) මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී පැවැත්විණි. 25 September 2025
වෑන්-ලොරි අනතුරින් හතරක් මරුට අනුරාධපුර තලාව මිහිරිගම දී අද (25) අලුයම 4.50 ට ඩොල්පින් වෑන් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිව්දෙනකු මිය ගොස් ඇති බව තලාව පොලිසිය කියයි. 25 September 2025
අද කාලගුණය බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.. 25 September 2025
‘‘සුරක්ෂිත ලෝකයක් හදන්න එකට කැප වෙමු‘‘ මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ලෝක නායකයන්ට ඇරයුම් කළේය. 25 September 2025
කේබල් ඩක්කුවක් කඩා වැටි හිමිවරු හත් නමක් අපවත් වෙති කුරුණෑගල පන්සියගම නා උයන. ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන හිමිවරුන් වැඩම කරන කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් හිමිවරුන් හත් දෙනකු අපවත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 25 September 2025
ජනපති-දකුණු අප්‍රිකා ජනපති හමුවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා (Cyril Ramaphosa) මහතා අතර හමුව නිව්යෝර්ක් නුවර ONE Plazaහිදී පැවැත්විණි. 24 September 2025
සිසු දඩුවම් පනත විවාදය කල් තබයි දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීම සහ සිසුන්ට හානි පමුණුවන දඬුවම් ක්‍රම අවසන් කිරීම සහ එවැනි අපරාධ කරන්නන්ට නීතිමය දඬුවම් ලබා දීමේ අරමුණින් ඉදිරිපත් කෙරුණු දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය විසින් තවත් දිනයකට කල් තබනු ලැබීය. 24 September 2025
ට්‍රම්ප්ගේ නියෝජිත අනුර හමු වෙයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති යෝජිත සහ ධවල මන්දිර ජනාධිපති කාර්ය මණ්ඩල අධ්යක්ෂ සර්ජියෝ ගෝර් (Sergio Gor) මහතා අතර හමුවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත කාර්යාලයේදී පැවැත්විණි. 24 September 2025
මේ වසරේ වාහන ගේන්නේ මෙහෙමයි වාහන ආනයනය සඳහා ඩොලර් කෝටි 157ක් වටිනා ණයවර ලිපි (සැප්තැම්බර්16වන විට) විවෘත කර ඇතැයි වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්යක්ෂ ජනරාල් මල්ශානි අබේරත්න මහත්මිය රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී පැවසුවාය. 24 September 2025
ලෝක ළමා දිනය සමරන්න සතියක් ඔක්තෝබර් මස 01 දිනට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමිව “ ළමා දින ජාතික සතියක් ” අද (25) සිට ලබන 01 දක්වා පැවැත්වේ. 24 September 2025
ලංවීම වර්ජනය තාවකාලිකව අත්හිටුවයි ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති වැඩ වර්ජනයකට යෑමේ ක්‍රියාවලිය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ බව ලංවිම නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා ලංකාදීපයට පැවසීය. 24 September 2025
මහින්ද බලන්න ඉන්දීය මහ කොමසාරි යයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී අද (24) සිදු විය. 24 September 2025
අනුර -ට්‍රම්ප් හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුවක් ඇමරිකාවේදී සිදුව තිබේ. 24 September 2025
හිටපු ඇමැති මර්වින්ගේ නඩුවකට දින දෙයි කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෛන් කටයුතු කළ වසර දෙකක කාලය තුළ තමාගේ නිත්‍යානුකූල වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදල් හා දේපළ උපයා ගත් බවට හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට එරෙහි නඩුව නොවැම්බර් 17 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද නියෝග කළේය. 24 September 2025
වත්කම් ගැන නන්දලාල්ගෙන් ප්‍රකාශයක් දූෂණ විරෝධී පනතේ විධිවිධානයන්ට අනුකූලව ලබාදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් තමන්ගේ සහ තම පවුලේ සියලුම වත්කම් උපයා ඇත්තේ නීත්‍යානුකූලව, ආදායම් උපයාගත් ආකාරය පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍ය ඕනෑම අයෙකුට ඒ පිළිබඳව නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද ප්‍රකාශ කළේය. 24 September 2025
විදෙස් ශ්‍රමික මරණයකදී දෙන වන්දිය වැඩි කරයි විදේශ රැකියාවක නිරතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයකුට රැකියාව අතරතුරදී සිදුවන මරණයක් සඳහා දෙන රක්ෂණ වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නංවා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා කීය. 24 September 2025
රටපුරා ඖෂධ වර්ග රැසක දැඩි හිඟයක් කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා රජයේ රෝහල්වල දියවැඩියා රෝගීන් එන්නත් කරන ‘ඉන්සියුලින්’ ඇතුළු ඖෂධ වර්ග රැසක දැඩි හිඟයක් පවතින බව වෛද්‍යවරු පවසති. 24 September 2025
ඇමැති වසන්තගේ නඩුව ඇසූ නඩුකාරවරුන් දෙන්නකුම මාරු කරලා ජාතික කම්කරු කොංග්‍රසයේ ගොඩනැගිල්ලක් බලහත්කාරයෙන් අල්ලා ගත් ඇමැති වසන්ත සමරසිංහ මහතා ගැන නඩුව විභාග කළ නඩුකාරවරුන් දෙදෙනෙකුම මාරුකර යවා ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද (24) ප්‍රකාශ කළේය. 24 September 2025
කුණු වලින් වැඩ ගන්න තැන් 54ක් හදයි ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව පළාත් පාලන ආයතන වල ඝන අපද්‍රව්‍ය නැවත භාවිතයට ගත හැකි ද්‍රව්‍ය බවට පරිවර්තනය කිරීමේ පහසුකම් සැලසීම වෙනුවෙන් ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇත. 24 September 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026