( පද්මසිරි ගාර්දියවසම් සහ සනත් ගමගේ) .     

හම්බන්තොට - තිස්සමහාරාම ප්‍රධාන මාර්ගයේ වීරවිල තුරුසෙවණ අසලදී අද (18) දහවල් ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින්  සිව්දෙනකු මිය ගොස් 12 දෙනකු රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි.

තුවාලකරුවන් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට සහ දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කර තිබේ .

වීරවිල පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .