
අයර්ලන්ත අග්‍රාමාත්‍ය මයිකල් මාටින් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් පැවැත්විණි. එහිදී ඉරානය සමරග පවතින යුද ගැටුම සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.
ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා, නැව් ගමනාගමනයට බාධා එල්ල කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප්, කනස්සල්ල පළ කළේය.
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව තැබීමට ඇමරිකාවට නේටෝ සාමාජික රටවල සහාය තිබුණා නම් හොඳයි යැයි ට්‍රම්ප් පෙන්වා දුන්නේය. කෙසේ නමුත්, ට්‍රම්ප්ගේ සහායට පැමිණීමට නේටෝ රටවල් අකමැත්ත පළ කිරීම සැලකිල්ලට ගනිමින් ට්‍රම්ප් නේටෝ රටවලට දොස් නගා ඇත.
තමන්ගේ සහායට නොපැමිණීම සම්බන්ධයෙන් නේටෝවට දරැණු පළවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව ට්‍රම්ප් අවධාරණය කර ඇත. අයර්ලන්තය නේටෝ සාමාජිකයකු නොවෙයි.
අයර්ලන්ත අග්‍රාමාත්‍ය මයිකල් මාටින් ධවල මන්දිරයට පැමිණියේ බිරිඳ ඕ ෂා ද සමගය. ශාන්ත පැට්රික් සිනය සමරමින්, අයර්ලන්ත අග්‍රාමාත්‍ය මයිකල් මාටින් සහ බිරිඳ ජනපති ට්‍රම්ප්ට ෂැම්රොක් පැලෑටියක් ද තැගි කළේය. ෂැම්රොක් යනු අයර්ලන්තයේ ජාතික සංකේතයයි.
ශාන්ත පැට්රික් දිනය යනු අයර්ලන්තයේ ප්‍රධානතම ආගමික සහ සංස්කෘතික උත්සවයයි. මෙය සෑම වසරකම මාර්තු 17 වැනිදා දිනයකම සමරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd