
(ගයාන් සූරියආරච්චි)
නිසි අවසරයකින් තොරව ලංකාව තුළ ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම් බව ගුවන් හමුදාව පවසයි.
මෙම නීතිය දේශිය සහ විදේශීය පුද්ගලයින් සියලු දෙනාට බලපැවැත්වෙන අතර අධි ආරක්ෂිත කලාපයන් තුළ ඩ්‍රෝන යානා ගුවන් ගත කළ පුද්ගලයින්ට නීත්‍යානුකූල ක්‍රියා මාර්ග ගෙන ඇති බවද ගුවන් හමුදාව පැවැසීය.
අත්‍යවශ්‍ය කටයුතු සදහා ඩ්‍රෝන යානා පියාසර කරන පුද්ගලයින් අදාළ නීති හා රෙගුලාසි පිළිපදිමින් නිසි අවසර ලබාගෙන පමණක් ඩ්‍රෝන යානා පියාසර කරන ලෙස ගුවන් හමුදාව දැනුම්දෙයි.
එමගින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමත්, ඩ්‍රෝන යානා ක්‍රියා කරවන්නන්ට ඇතිවිය හැකි නීතිමය ගැටළු සහ අපහසුතා වළක්වා ගැනීමත් අරමුණු කරගෙන එම තීරණය ගෙන ඇති බවද ගුවන් හමුදාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd