(එන් ආරච්චි)                              

කෑගල්ල කෙහෙල්වත්ත ප්‍රදේශයේ සිට දන්දෙණිය මාර්ගයේ හේනක් කන්ද ප්‍රදේශයේ දී  ඊයේ (17)  සවස සිදු වූ යතුරු පැදි අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළුකර ඇති බව කෑගල්ල පොලීසිය පවසයි.

මෙම පුද්ගලයන් දෙදෙනො යතුරු පැදියකින් ගමන් කර ඇති අතර එහි දී  යතුරුපැදිකරුට පාලනය කර ගත නොහැකිව යතුරුපැදිය ගසක හා ඉවුරක් වැදී  ඇති බව කියයි.

එහි දී යතුරුපැදියේ පසුපස ගමන් කල පුද්ගලයා බරපතල තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවද පොලීසිය සඳහන් කලේය ඔහු යුද හමුදාවේ හොරණ කදවුරේ සේවය  සමීර ලක්රුවන් විජේසිංහ (40 ) නම් සෙබළෙකු වන අතර ඔහු  වරාපිටිය ,බොස්සැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.