
(සුජිත් හේවාජුලිගේ )
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඊශ්‍රායලයේ කෘෂිකර්මික රැකියා සඳහා යවන ලද ශ්‍රී ලාංකික සේවකයන් 6959 කගෙන් රුපියල් කෝටි 80කට වැඩි මුදලක් වැඩිපුර අයකරගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා විදේශගත කෙරෙන සේවකයන්ගේ ටිකට් පත් වෙනුවෙන් රුපියල් 295000ක ස්ථාවර මිලක් ශ්‍රී ලංකා විදේශ රැකියා රැකියා ඒජන්සි සමාගම නියම කර තිබිණ.
2024 නොවැම්බර් 13 සිට දෙසැම්බර් 24 දක්වා ටිකට් පතක සාමාන්‍ය මිල රුපියල් 163275 ත් 156000ත් අතට පරාසයක පැවතුන නමුත් එක් සේවකයෙකුගෙන් රුපියල් 115000ක් බැගින් 6959 දෙනාගෙන් රුපියල් කෝටි 80කට වැඩි මුදලක් වැඩිපුර අය කරගෙන තිබූ බව එම කාර්යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම රජයේ පූර්ණ හිමිකාරීත්වය ඇතිව ආරම්භ කෙරුණු ආයතනයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd