
(අංජුල මහික වීරරත්න)
මැදපෙරදිග අර්බුදය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කිරීමට "විවිධ සමාජ ස්ථරයන් සඳහා සුබ සාධනය සැලසීම සඳහා වන කමිටුව" ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේදී රැස් විය.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම් කළමනාකරණය කිරීම සහ ජනතාවගේ සුබසාධන අවශ්‍යතා අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.
අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුව, මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට ආර්ථික ක්‍රියාවලිය යථාවත් කිරීම සඳහා සහ ජන ජීවිතයට එල්ල වන බලපෑම් අවම කිරීම සඳහා පිහිටවූ විශේෂ කමිටු හතරින් එක් කමිටුවක් වන විවිධ සමාජ ස්ථරයන් සඳහා සුබ සාධනය සැලසීම සඳහා වන කමිටුව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය අචාර්ය උපාලි පන්නිල මහතාගේ සභාපතීත්වයෙන් රැස් විය.
මෙම සාකච්ඡාවේදී , කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් රැසක් කෙරෙහි අවධානය යොමු වූ අතර, විදෙස්ගත ශ්‍රමික සුබසාධනය වෙනුවෙන් මැදපෙරදිග රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සහතික කිරීම,
දේශීය ජීවනෝපාය ආරක්ෂා කිරීම වෙනුවෙන් ස්වයං රැකියා සහ ගෘහ කර්මාන්ත වල නියැලෙන්නන් හට යුදමය තත්ත්වය නිසා ඇතිවිය හැකි බාධා අවම කිරීම, දරුවන් වෙනුවෙන් සුරක්ෂිත ගමනාගමන පහසුකම් සැපයීම සහ ළමා හා කාන්තා රැකවරණ මධ්‍යස්ථාන මෙන්ම වැඩිහිටි හා ආබාධිත ප්‍රජාව සඳහා වන මධ්‍යස්ථානවල යටිතල පහසුකම් අඛණ්ඩව පවත්වාගෙන යාම,
ඕනෑම හදිසි අවස්ථාවකට පෙර සූදානමක් ලෙස අවශ්‍ය දත්ත පද්ධති කඩිනමින් යාවත්කාලීන කිරීම,යනාදි කරුණු පිළිබදව සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න , කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, රාජ්‍ය පරිපාලන ලේකම් ආලෝක බණ්ඩාර , ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, සහ වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහත්වරු සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd