හොරෙන් කැනඩාවට යන්න ගිය තරුණියක් අත්අඩංගුවට
වෙනත් අයෙකු සතු , කූඨ ලෙස සකස් කළ කැනේඩියානු ගුවන් ගමන් බලපතක් උපයෝගී කර ගනිමින් , එක්සත් අරාබි එමීර් රාජ්ය ඩුබායි හරහා කැනඩාව වෙත පැන යාමට තැත් කළ ශ්රී ලාංකික තරුණියක් අද (25) අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .