දේශපාලනයේ ආදර්ශයට ගතයුතු ඉරාන්ගේ කතාව
මෙරට සිටි කීර්තිමත්, රටට දැනෙන වැඩක් කළ වෛද්‍යවරයකු, ව්‍යවසායකයකු සහ තම හෘද සාක්ෂියට අනුව කටයුතු කළ ඍජු අදහස් තිබූ දේශපාලනඥයකු වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අද ජීවතුන් අතර නැත. එහෙත් ඔහුගේ නාමය මෙරට වෛද්‍ය අධ්‍යාපන ඉතිහාසය තුළ නොමැකෙන සළකුණක් සනිටුහන් වී තිබේ. අභාවප්‍රාප්ත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පිළිබඳව බොහෝ කරුණු කාරණා පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ පළ විය.