මම මළා කියපු කතාවට මටම හිනා තමා මියගිය බවට සමාජ මාධ්‍යයේ පළවූ පෝස්ට් එකෙන් තමා හාස්‍ය රසයක් වින්ද බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසීය. 15 October 2025
ඉෂාර සෙව්වන්දි දිවයිනට රැගෙන එයි ප්‍රබල පාතලය ක්රියකාවකු වූ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු නේපාලයේදී අත්අඩංගුවට ගත සැකකරුවන් පස් දෙනා නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් කටුනායක දිවයිනට අද (15) රාත්‍රී රැගෙන ආ බව පොලිසිය කියයි. 15 October 2025
මනූෂට ඇප ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයන් තෝරා ගැනීමේදී සිය අමාත්‍ය ධුරයේ බලය අවභාවිතා කරමින් දේශපාලන හිතවතුන්ට එම අවස්ථාව ලබා දුන්නේ යැයි අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ඉගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මලිගස්සේ මනුෂ නලින් නානායක්කාර සැකකරු ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළේය. 15 October 2025
දූෂණයෙන් ලංකාව 120 තැනට දූෂණයෙන් ලංකාව සිටින්නේ එකසිය විසි වැනි ස්ථානයේ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය. 15 October 2025
ගුණරත්න වන්නිනායක ඇප මත මුදා හරියි පොලිස් නිලධාරියකුට බැන තර්ජනය කිරීම සහ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ගල්කිස්ස අධිකරණයට බාර වීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. 15 October 2025
අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා පත් කර තිබේ. 15 October 2025
යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය දේශපාලනිකරණය වෙලා වර්තමාන ආණ්ඩුව යටතේ යුක්තිය පසඳලීමට අදාළ මූලික විමර්ශන කරන ආයතන දේශපාලනිකරණයක් පිළිබඳව සමාජය තුළ ඉතාම පළල් සංවාදයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා අද (15) පැවසීය. 15 October 2025
ලබන පාර්ලිමේන්තු සතියේ වැඩ වෙන හැටි පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය. 15 October 2025
බහු පක්ෂ ක්‍රමය රකින්න ඔක්කොම එක තැනකට එන්න ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය යැයි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 15 October 2025
ඉදිරි දිනවල තද වැසි රට තුළ ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (15) පස්වරුවේ පැවසීය. 15 October 2025
මනුෂ අධිකරණයට රැගෙන එයි ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයන් තෝරා ගැනීමේදී සිය අමාත්‍ය ධුරයේ බලය අවභාවිතා කරමින් දේශපාලන හිතවතුන්ට එම අවස්ථාව ලබා දුන්නේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මලිගස්සේ මනුෂ නලින් නානායක්කාර සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය රැගෙන පැමිණියේය. 15 October 2025
නාකොටික් නව අධ්යක්ෂ SSP හේරත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නව අධ්යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.එම්.සී.පී. හේරත් මහතා පත්කර ඇත. 15 October 2025
නොරොච්චෝල බලාගාරයේ අළු වලින් අධිකරණයක් හදයි රජය පවතින තුරු පුරවැසියන්ට සහ වෘත්තිකයින්ට තම රාජකාරිය සිදු කිරීමට අවශ්‍ය පහසුකම් නිසි පරිදි ලබා දෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 15 October 2025
සුදු සැරයටි පළමු කොඩිය ජනපති ලේකම්ට ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අළෙවි කිරීමේ සතිය ආරම්භ කරමින් එහි පළමු කොඩිය සංකේතාත්මකව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පැලඳවීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද(15)සිදු විය. 15 October 2025
පවුම ලක්ෂ තුන හමාරකට ආසන්න වෙයි ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල රුපියල් 5,000කින් අද (15) දිනයේ ඉහළ ගොස් ඇතැයි කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 15 October 2025
කම්කරු පනත් හතරක් එයි යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණය යටතේ ප්‍රධාන පනත් කෙටුම්පත් හතරක් හඳුන්වා දීම පිළිබඳව සලකා බලමින් සිටින බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. 15 October 2025
මනුෂ අත්අඩංගුවට කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මීට ස්වල්ප මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය. 15 October 2025
අගමැතිනිය හෙට ඉන්දියාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දෙදින නිල සංචාරයක් සඳහා හෙට (16) පෙරවරුවේ ඉන්දියාවට පිටත්ව යාමට නියමිතය. 15 October 2025
සයිනොපැක් විජිතට දුන් පොරොන්දුව හම්බන්තොට නව තෙල් පිරිපහදුව කඩිනමින් ඇරඹීමට සයිනොපැක් සමාගම අමාත්‍ය විජිත හේරත්ට පොරොන්දු වී ඇත 15 October 2025
ඉෂාරා ගෙන එන්න STF නිලධාරීන් නේපාලයට නේපාලයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් පස්දෙනා මෙරටට රැගෙන ඒමට සහායවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙදෙනෙකු නේපාලය බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 15 October 2025
සංචාරක පහසුවට රජයෙන් වැඩ ගොඩක් ඉදිරි සංචාරක සමය ඉලක්ක කර ගනිමින් සංචාරකයන්ගේ පහසුකම් නැංවීමට රජය වැඩසටහන් රැසක් සැලසුම් කර තිබේ. 15 October 2025
ලංකාවේ සෞඛ්‍ය සේවය ගැන විදෙස් සුව ඇමතිලාගේ ප්‍රසාදය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපයේ 78 වන සමුළුවට මෙරටට පැමිණි විදෙස් සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ මෙරට සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස -නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහත්වරුන් අතර සාකච්ඡා කොළඹදී පැවැත්විණි 15 October 2025
සූදු අධිකාරිය පටන් ගන්න මුදල් සභාවෙන් නියෝගයක් සූදු නියාමන අධිකාරිය ලබන වසරේ ජූනි 30ට පෙර පිහිටුවා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දුන් නිර්දේශය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශයේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ එකඟතාව පළවිය. 15 October 2025
ඉසෙඩ් ඩී ඇලට වැටුණු කෙනර පැය තුනකින් පසු ගොඩට වැලිකන්ද කාසන්වැව ප්‍රදේශයේදි අද (15) උදෑසන ඉසෙඩ්.ඩී. ඇලට වැටී අනතුරට පත්ව සිටි කෙනරක් වනජීවී නිළධාරීන් විසින් සිදුකළ පැය තුනක මෙහෙයුමකින් පසුව ගොඩට ගෙන කාසන්වැව රක්ෂිතයට පලවා හැරීමට හැකිව තිබේ. 15 October 2025
ගුවන් විදුලි සංඛාත වෙන්දේසි කරන රෙගුලාසි පාර්ලිමේන්තුවට ගුවන් විදුලි සංඛ්‍යාත වර්ණාවලිය වෙන්දේසි කිරීමේ රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 October 2025
ආධුනිකයන් බඳවා ගන්නා පොලිස් ලොක්කෙක් බාල වැඩක් කරලා පොලිස් මූලස්ථානය ආධුනිකයන් බඳවා ගැනීමේ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 15 October 2025
උළුගේතැන්න අධිකරණයෙන් පිටව යයි තරුණයකු අතරුදන් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව කුරුණෑගල අධිකරණයෙන් ඇප ලැබූ හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා ඇප සම්පූර්ණ කිරීමෙන් අනතුරු පොල්ගහවෙළ අධිකරණයෙන් පිටව ගියේය. 15 October 2025
සුනිල් සෙනවිට තවත් පුටුවක් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ශ්‍රී ලංකා - බංග්ලාදේශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය. 15 October 2025
අගමැතිනිය යළි පැමිණෙයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සිය චීන සංචාරය නිමා කර අද(15) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. 15 October 2025
රෝහල්වලට දුන් කෝටි 421ක බෙහෙත් කුණු කූඩෙට රජයේ රෝහල්වලට 2024 වර්ෂයේදී නිකුත් කෙරුණු රුපියල් කෝටි 421කට වැඩි වටිනා ඖෂධ ශල්‍ය හා රසායන ද්‍රව්‍ය තත්වයෙන් අසමත් වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර ඇතැයි අලුත්ම විගණන වාර්තාවක සඳහන්වේ. 15 October 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026