
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට විවිධ හිරිහැර සහ අඩන්තේට්ටම් සිදුව ඇති බවට හිටපු මහාධිකරණ විනිශ්චයකාරවරියකගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පැහැදිලිවම කරුණු අනාවරණය කර තිබියදී ඒ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පැහැර හැර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඇයට වහාම සාධාරණය ඉටුකරන්නැයි පාර්ලිමේන්තු පරිපාලනයෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසුවේ පවතින තත්වය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ සේවය කරන කාන්තාවකට විවිධ හිරිහැර සිද්ධ වෙලා තියෙනවා. මහාධිකරණ විනිශ්චකාරවරියකගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් තමයි විමර්ශන පවත්වලා නිර්දේශ දීලා තියෙන්නේ. ඒකෙ පැහැදිලිව සඳහන් වෙනවා තදබල වාචික හිංසන සිදුවෙලා තියෙනවා කියලා. කෙසේ වෙතත් ඒ වාර්තාවේ නිර්දේශ එකක්වත් තවම ක්‍රියාත්මක කරලා නෑ. කරුණාකරලා ඒ වාර්තාවේ නිර්දේශ ටික ක්‍රියාත්මක කරන්න.හිරිහැරයට ලක් වුණු ඒ කාන්තාවට සහ තවත් කාන්තාවන්ට තවදුරටත් හිරිහැර සිදු නොවන ආකාරයට කටයුතු කරන්න. අපි මේ කතා කරන්නේ ජනගහනයෙන් සියයට පනස් දෙකක් වන කාන්තා පරපුර වෙනුවෙන්. ඒ යුතුකම් සම්භාරය ඉෂ්ට කිරීම රජයේත් වගකීමක්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කියන්නේ සජිත් ද ?