(අංජුල මහික වීරරත්න)

ප්‍රතිකාර කටයුත්තක් සඳහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් මීට සුළු මොහොතකට පෙර ලංකාවට පැමිණියේය.

රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවට පිටත්ව ගියේ මාර්තු 15 වැනිදාය.

අදාළ ප්‍රතිකාර කටයුත්තෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා සුවය ලබමින් සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා සති කිහිපයක් විවේක සුවයෙන් ගත කිරීමට නියමිතය.