(අංජුල මහික වීරරත්න)
ඇල්බේනියාවේ හා කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහරගම ප්‍රදේශයේ ශිෂ්‍ය වීසා ලබාදෙන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන යමින් විදේශ රැකියා ලබාදීමට මෙම කාන්තාව මුදල් අයකර ඇති අතර, කාර්යාංශයට ලද පැමිණිලි අනුව ඇය දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් රවටා වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට අධික වේ.
කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් ලබාගැනීමකින් තොරව වංචනික අයුරින් පවත්වාගෙන ගිය මෙම ආයතනය කාර්යාංශ විමර්ශන නිලධාරීන් විසින් වැටලීම් කරන ලද අතර, එහි තිබී රැකියා ගිවිසුම් ඇතුළු ලේඛන රැසක්ද නිළධාරීන් භාරයට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd