ජාතික තරුණ ප්‍රතිපත්තිය ජනවාරියේ ජාතික තරුණ ප්‍රතිපත්තිය ලබන ජනවාරියේ ප්‍රකාශයට පත් කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවැසීය. 17 October 2025
‘‘වැඩ කරන මිනිහට සහතික අවශ්‍ය නෑ‘‘ අඩු තරමින් ඕලෙවල් සහතිකයවත් නැති තමාට අද තියෙන්නේ උප්පැන්න සහතිකය ජාතික හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රය පමණක් බවත් වැඩ කිරීමට තමාට අධ්‍යාපන සහතික කිසි දිනක අවශ්‍ය නොවූ බවත් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් වාරිමාර්ග සහ මහවැලි අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය. 17 October 2025
බෙහෙත් කළු කඩ මට්ටුවට රජයෙන් වෙට්ටුවක් ඖෂධ වැඩි මිලට අලෙවි කිරීම වැළැක්වීම සඳහා මිල පාලන යාන්ත්‍රණයක් හඳුන්වා දෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා පැවසීය. 17 October 2025
නාමල් පොලිසිය අමතයි කිසිදු දේශපාලන බලපෑමකට යටනොවී අවංකව රාජකාරී කරන්නැයි තමා සියලු පොලිසි නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 17 October 2025
හිර ගෙදරින් ’’කුඩු’’ වාර්තාවක් බන්ධනාගාර ගතව සිටින පුද්ගලයන් විසි තුන්දහසකට අධික පිරිසෙන් පහළොස් දාහකට අධික පිරිසක් එසේ බන්ධනාගාරගතව සිටින්නේ විවිධ මත්ද්‍රව්‍ය චෝදනා හේතුවෙන් බවට තොරතුරු හෙළි වී ඇතැයි අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය 17 October 2025
අගමැතිනී ඉන්දීය වාණිජ මණ්ඩල නියෝජිතයින් හමුවෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) සහ ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FICCI) නියෝජිතයින් නවදිල්ලි නුවර දී හමුවිය. 17 October 2025
රට පැන්න අයි ආර් සී 25 ක් අල්ලන්න ඉන්ටර්පෝල් සහාය විදේශයන්හි සැඟව සිටින මෙරට දරුණු ගණයේ අපරාධකරුවන් 25 දෙනෙකු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට සහාය දෙන බවට ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල් )දැනුම් දී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය 17 October 2025
ඖෂධ මිල නියාමන ගැසට්ටුවට උපදේශක සභාවේ අනුමැතිය ඖෂධ මිල නියාමනය සඳහා වන නියෝග ඇතුළත් නව ගැසට් නිවේදනයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත. 17 October 2025
රට රැකියා වලට යන අයට රජයෙන් අඩු මිලට ගුවන් ටිකට්පත් විදේශ රැකියා වලට පිටත්ව යන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් රජයේ නව වැඩපිලිවෙලට අනුව සහනදායි මිලට ගුවන් ටිකට් පත් නිකුත් කිරීමේ කවුලුවක් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් නාවල පාර, නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනයේ දි විවෘත කෙරිණි. 17 October 2025
පුද්ගලික දත්ත පනත 21මැතිසබයට පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත මේ මස 21වැනිදා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතය 17 October 2025
ලැප්ටොප් 46ක් සොරාගත් සේවකයින් තිදෙනකු අල්ලයි ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක රාජගිරිය ප්‍රධාන මූලස්ථානයෙන් ලැෆ්ටොෆ් පරිගණක 46 ක් සොරාගත් සේවකයන් පස්දෙනාගෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි. 17 October 2025
රජයේ කන්තෝරුවල අංශ 5000ක් ’’සුදු අලි’’ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුව යටතේ ඇති විවිධ අංශ පන්දාහකට වැඩි ප්‍රමාණයක් නිශ්චිත කාර්යභාරයක් ඉටු නොකරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය 17 October 2025
හරිනිගෙ නමින් ඉන්දියාවේ පර්යේෂණ ඒකකයක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ නමින් දිල්ලි හින්දු විද්‍යාලයේ පර්යේෂණ ඒකකයක් නම් කලේය. 17 October 2025
හොඳින් ලෙඩුන් බලා ගත් රෝහල් දෙකකට රන් සම්මාන ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ රෝගී සුරක්ෂිතතාවය ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 17 October 2025
නෙවිල් වන්නිආරච්චි යළි රිමාන්ඩ් උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමේ රුපියල් කෝටි ගණනක දේපළකට උරුමකම් කියමින් වත්කම් බැරකම් නිසිපරිදි ඉදිරිපත් නොකළේ යැයි කියන ,හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ලෙස කටයුතුු කළ ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කර්නල් වන්නිආරච්චි නෙවිල් නොහොත් නෙවිල් වන්නිආරච්චි සැකකරු ලබන 31 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද(17) නියෝග කළේය. 17 October 2025
ආණ්ඩුවේ මඩ බලකාය ජොබ් එක හරියට කරන්නේ නෑ විපක්ෂයට මඩ ගහන්නට ආණ්ඩුව විසින් පත්කර තිබෙන මඩ බලකායට පඩි ගෙවන විට ඔවුන් හරියට හරියට ’’ජොබ් එක’’ කරලාදැයි හොයා බලා පඩි ගෙවන ලෙස ජනාධිපතිවරයාගේ ඉල්ලා සිටින්නේ යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්මේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. 17 October 2025
බොරු වැඩකට කෝටි එකහමාරක් පුදලා: කර්මාන්ත අධිකාරියට චෝදනාවක් නිවාඩු යැවූ මුදල් අධ්‍යක්ෂවරයෙකු ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට විරුද්ධව ගොනුකළ නඩුව සම්බන්ධයෙන් කටයුතු කිරීමට එම අධිකාරිය එක්කෝටි පනස් එක් ලක්ෂයක මුදලක් වැයකර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 17 October 2025
කෘෂි නිලධාරියා අල්ලස් දැලේ අක්කර බදු ගෙවූ බවට කුවිතාන්සියක් ලබාදී වගා කටයුතු කරගෙන යෑම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම සඳහා රුපියල් ලක්ෂ විසිදෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බවකියන දියලුම ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 17 October 2025
ද්විත්ව ඝාතනයකට සැක අයෙක් අල්ලයි මිද්දෙනිය ප්‍රදේශය ද්විත්ව ඝාතනයකට සම්බන්ධ සැකකරුවකු උණ්ඩ පහළොවක් සමඟ අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 17 October 2025
වෙඩි තැබීමකට අනුබල දුන් අයෙක් මාට්ටු බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාශය පවසයි. 17 October 2025
සොයිසා රෝහලට මාතෘ අධි සත්කාර ඒකකයක් මහනුවර සහ අනුරාධපුර රෝහල් වල මාතෘ අධිසත්කාර ඒ්කක ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 17 October 2025
දිවයිනේ ප්‍රදේශ රැසකට සවස වැස්ස දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපර්තමේන්තුව කියයි. 17 October 2025
පැරා ඔලිම්පික් පදක්කම් ලාබී සෙබළා දුම්රියේ ගැටිලා පැරා ඔලිම්පික් රන් පදක්කම් ලාබියකු වූ යුද හමුදා නිලධාරියකු මදුරන්කුලියේදී දුම්රිය ගැටි මියගොස් සිටියදී සොයාගත් බව පොලිසිය කියයි. 16 October 2025
ශ්‍රී ලංකා රේගුව කප් එක ගහයි ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක දිනක් තුල එකතු කල ඉහලම ආදායම වාර්තා කළ බව රේගුව අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 16 October 2025
රේගුවේ ඇති වාහන කොන්දේසිවලට යටත්ව මුදා හරියි මෙරට දී ණයවර ලිපි විවෘත කර වෙනත් රටකින් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව මගින් රඳවාගෙන සිටින වාහන කොන්දේසිවලට යටත්ව මුදා හැරීමට හැකියාව ඇති බව ශ්‍රී ලංකා රේගුව අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේය. 16 October 2025
කළු සල්ලි සුදු කළැයි කපුවා කෝටි 33ක් සමග මාට්ටු ප්‍රසිද්ධ ව්‍යාපාරික ක්ලබ් වසන්ත ඝාතනය සිද්ධියේ ප්‍රධාන සැකකරු වන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ’’ලොකු පැටී’’ නමැත්තාගේ මුදල් පාලන කටයුතු බාරව කටයුතු කරමින් සිටි ගන්දර ප්‍රදේශයේ ප්‍රසිද්ධ කපු මහතකු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 16 October 2025
සල්ලි අරන් නඩුවට නොආ ලෝයර්ගේ කබාය ගලවයි නඩුවකට පෙනී සිටීම සඳහා හමුදා මේජර්වරයකුගෙන් රුපියල් 50000/-ක් ලබාගෙන නඩුවට පෙනීනො සිට නීතිඥයකුට නුසුදුසු ආකාරයෙන් හැසිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතිඥ වසන්ත විජයවර්ධන මහතා නීතිඥභාවයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. 16 October 2025
අපේක්ෂා රෝහලේ රෝගී දරුවන් විකිණූ තිදෙනෙක් මාට්ටු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ ඡායාරූප වංචනික ලෙස ලබාගෙන එම ඡායාරූප මුහුණු පොතෙහි පළකර රුපියල් ලක්ෂ ගණනක මුදල් වංචා කිරීමේ යෙදුණු සංවිධානාත්මක කල්ලියකට අයත් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 16 October 2025
උසාවිය මගහැරි සිරකරුවෙක් මාට්ටු හෙරෝයින් ජාවාරම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර සිටියදී අධිකරණය මගහැර සැඟව සිටි පුද්ගලයකු කොටහේන ප්‍රදේශයේදී කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 16 October 2025
හරිනි-ජය ශංකර් හමුවේ ඉන්දීය නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් නවදිල්ලියේදී අද(16) සිසු විය. 16 October 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026