
(අංජුල මහික වීරරත්න)
2026 පළමු කාර්තුවේ රුපියල් මිලියන 606002ක බදු ආදායමක් රැස් කිරීමට සමත් වූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
එම අගය 2025 වසරේ පළමු කාර්තුව සමග සැසඳීමේදී සියයට 17.7ක වර්ධනයක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ආර්ථික වර්ධනය, නිවැරදි බදු ප්රතිපත්ති අනුගමනය කිරීම,විධිමත් බදු පරිපාලනය සහ නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව සහ කැපවීම මෙලෙස බදු රැස්කිරීම ඉහළ යාමට හේතු වී තිබෙන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී පී.එච් ප්රනාන්දු මහත්මිය පවසයි.
පළමු කාර්තුවේදී එකතු කරගත් මෙම බදු මුදල 2026 වසරේ ඉලක්කගත බදු ආදායමෙන් සියයට 25ක් බවද කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd