(සුජිත් හේවාජුලිගේ)

වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය.

මෙම විෂයන් දෙක සඳහා නිශ්චිත ජාතික ප්‍රතිපත්ති නොතිබීමෙන් ගැටලු රැසක් මතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවද මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරයි.

මේ අතර විශ්ව විද්‍යාලවල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවල පුරප්පාඩු හැකි ඉක්මනින් පුරවන ලෙස සියලුම උපකුලපතිවරුන්ට දැනුම්දී ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.