හොරෙන් ලංකාවට ආ විදේශිකයා පිටුවහල් කරයි කූඨ ලෙස සකස් කළ බ්‍රසීල ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන , මෙරටට ඇතුළු වීමට තැත් කළ සෙනගාල් ජාතිකයෙකු අද(23 ) ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ . 23 October 2025
වැලිගම ප්‍රා.සභාපති ඝාතනයට රජය වගකිව යුතුයි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනයට රජය සෘජුවම වගකිවයුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (23) චෝදනා කළේය. 23 October 2025
සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ගේම ගෙදරකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහල් 16 කින් යුතු නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ පළමු අදියර ඉදිකිරීම් මෙම වර්ෂයේ නොවැම්බර් මස අවසන් වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 23 October 2025
බැකෝ සමන්ගේ බිරිය යළි රිමාන්ඩ් මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගේ බිරිඳ වන සාජිකා ලක්ෂාණී ගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 23 October 2025
කිඹුල් පහරින් අයෙක් මරුට බොරලැස්ගමුව, දිවුල්පිටිය, සූරියමල් මාවතේ ඇවිදින මංතීරුවට යාබද වැවේ තිබී කිඹුල් ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇතැයි සැලකිය හැකි පුද්ගල මළසිරුරක් අද ( 23) හමුවූබව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. 23 October 2025
ගිනි අවියක්-කඩු සමඟ අයෙක් අල්ලයි විදේශිය රටක නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ විශේෂිත උණ්ඩ යෙදිය හැකි ස්වංක්රිය ගිනි අවියක් සහ තියුණු කඩු දෙකක් සිය නිවසේ තබා ගෙන සිටි සැකකරුවෙක් තොඩුවාව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් බක්මිවලාගාර ප්‍රදේශයේදි අද (23) පෙරවරුවේදි අත් අඩංගුවට ගනු ලැබිය. 23 October 2025
’’විපක්ෂය පැත්තේ පුටු වල ඉත්තෑවො ඉන්නවා’’ පාර්ලිමේන්තුවේ විපක්ෂය පැත්තේ පුටුවල ඉත්තෑවො ඉන්නවාදැයි සැකයක් තිබෙන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 23 October 2025
මං මැරුවොත් හොල්මනක් වෙලා පලි ගන්නවා ඇමතිතුමා පුළුවන් නම් අපි මරන්න හොල්මනක් වෙලා හරි ඇවිත් අපි පලි ගන්නවා යැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 October 2025
පාතාලයට සම්බන්ධ දේශපාලකයන්ගේ නම් පාර්ලිමේන්තුවට තවදුරටත් විමර්ශන කර පාතාලයට සම්බන්ධ දේශපාලකයන් පාර්ලිමේන්තුවට හෙළි කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 October 2025
ඝාතන අනුමත කරන ඇමති එක්ක එකට ඉන්න ලැජ්ජයි ඝාතන සාධාරණීකරණය කරන ඇමති කෙනෙක් එක්ක පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉන්න ලැබීම ගැන ලැජ්ජාවට පත්වෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. 23 October 2025
දුම්රියට අලුත් ඩ්‍රයිවර්ලා රොත්තක් දුම්රිය දෙපාර්තමේන්තුවට තවත් දුම්රිය රියදුරන් එකසිය හැට දෙදෙනෙකු ලබන මාසයේදී බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 23 October 2025
මහ මුහුදේ කරන වැරදි වලටත් දඬුවම් කරන්න පනතක් එයි විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත (මහ මුහුදේදී අන්තරායදායක ඖෂධ වර්ග ජාවාරම් කිරීම තහනම් කිරීම) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 October 2025
මහඉලුප්පල්ලම නගරයට අලි ඇවිත් මහඉලුප්පල්ලම නගරයේ ප්‍රධාන මාර්ගයට අද(23) උදෑසන කඩා වැදුණු වන අලි දෙදෙනෙකු නිසා එම ප්‍රෙද්ශයේ ජනතාව භීතියට පත්ව තිබිණි. 23 October 2025
මොන්ටිසෝරිවලට ලබන වසරේ සිට එකම විෂය මාලාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ පාර්ලිමේන්තුවේ දී රැස් විය. 23 October 2025
විපක්ෂයෙන් කළු පටි විරෝධයක් වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනයට විරෝධය පළ කරමින් විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ සිටින අයුරු දැකගත හැකිවිය. 23 October 2025
කොරියා රැකියා විභාග වලට ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානයක් දකුණු කොරියාවේ රැකියා සදහා අවශ්‍ය භාෂා ප්‍රවිනතාවය උදෙසා, ටැබ්ලට් වැනි ස්මාර්ට් උපාංග භාවිතා කරමින් පවත්වන විභාග සඳහා නවීන පහසුකම් වලින් සමන්විත ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ. 23 October 2025
කැලණිවැලි කෝච්චි පාර රත්නපුරේට දිගු කරන්න අධ්‍යයනයක් කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම හා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 October 2025
සයිබර් අපරාධ මඩින සම්මුතියට ලංකාවත් එකඟ වෙයි සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 October 2025
මන්ත්‍රීලාගේ මැතිසබේ අල්මාරි අවුස්සයි අයවැය ඉලක්ක කර ලබන මාසයේ දින තුනක් පාර්ලිමේන්තුව විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක් කරන බව කතානායකවරයා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 23 October 2025
දුම්රියේ ’’පවර්’’ එක වැඩි කරන්න තවත් ’’පවර්සෙට්’’ පහක් දුම්රිය දෙපාර්තමේන්තුවට අලූත් බලවේග කට්ටල පහක් මිලදී ගැනීමට ටෙන්ඩර් කටයුතු ආරම්භ කර ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 23 October 2025
රස කන්තෝරුවේ ලොකු ‘සුද්දයක්’ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති කිලෝග්‍රෑම් එකට වඩා අඩු මත්ද්‍රව්‍ය සාම්පල ඉවත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දී ඇත. 23 October 2025
වාද්දුව හෝටලයක ගින්නක් වාද්දුව සංචාරක හෝටලයක ගින්නක් හටගෙන ඇති බව වාද්දුව පොලිසිය පවසයි . 23 October 2025
අදත් ගිගුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 October 2025
රෝහල් සේවකයාගේ යතුරුපැදියේ T56උණ්ඩ කොළඹ ජාතික රෝහලේ රෝහල් උපස්ථායකවරයකුගේ යතුරුපැදියේ සඟවා තිබූ ටී පනස් හය උණ්ඩ 5 ක් සහ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ තුනක් සොයා ගත්බව මරදාන පොලිසිය පවසයි. 23 October 2025
මක්කමින් තෑගි ලැබුණු කුආර්න් ග්රන්ථ වසරක්ම රේගුවේ මක්කම සිට මෙරටට ත්‍යාග ලෙස ලැබුණු දෙමළ භාෂාවෙන් ලියන ලද ශුද්ධ වූ කුආර්න් ග්රන්ථ තොගයක් රේගුව වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් තමාට වාර්තාවක් දෙන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය රේගුවට දැනුම් දුන්නාය. 23 October 2025
‘‘වැලිගම සභාපති පාතාලයෙක්‘‘ වැලිගම ප්‍රාදේශීය සභාවේ ඝාතනයට ලක්වූ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පාතාල අපරාධකරුවකු බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. 22 October 2025
‘‘විදුලි මිල වැඩි විය යුතුමයි‘‘ ලංකා විදුලිබල මණ්ඩලය පිරිවැය ආවරණය කර ගැනීම සඳහා ඉල්ලා ඇති විදුලිය ගාස්තු සංශෝධන සඳහා අවසර හිමිවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ප්‍රකාශ කළේය. 22 October 2025
ඉෂාර රට පැටවූ සැකකරුගේ නිවසේ ගිනි අවි සහ උණ්ඩ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා බෝට්ටු සැපයූ පුද්ගලයාගේ කිලිනොච්චිය නිවසේ සඟවා තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක් සහ උණ්ඩ සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 22 October 2025
’’මාගේ ජීවිත ආරක්ෂාව සලසා ගැනීම සම්බන්ධයෙනි’’ තමන්ට විවිධ පාතාල කණ්ඩායම්වලින් ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙස පවසා නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් අද(22) මියගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඉකුත් අගෝස්තු මස 29 වන දින පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තාවේ. 22 October 2025
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක් අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(23) පෙරවරුවේ සිට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 22 October 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026