(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

වාරියපොල ප්‍රදේශයට ඊයේ  (21) රාත්‍රී බලපෑ සුළිසුළං තත්වයක් හේතුවෙන් ප්‍රධාන පාසලකට සහ නිවාස 20 කට අධික ප්‍රමාණයකට ඇතුළු දේපොල වලට හානි සිදුව ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ ප්‍රධානී නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා පැවසීය.

සුළි සුළං තත්වය හේතුවෙන් වාරියපොල ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයට දැඩි ලෙස හානි සිදුව ඇත.

විශාල ගස් තුනක් එම විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක වහළය මතට කඩා වැටීමෙන් ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව ඇත.

 පොලිසිය අසළ නිවාස කිපයකට, වාරියපොල මැල්වත්ත ප්‍රදේශයේ නිවාස කීපයකට සහ සුමංගල මාවත ප්‍රදේශයේ නිවාස කීපයකට සුළඟින් හානි සිදුව ඇත.