(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා මත්ද්‍රව්‍යය සමග සංවිධානාත්මක අපරාධ අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පානදුර කුඩු සළිඳුගේ සමීපතමයන් දෙදෙනෙකු
පයාගල පොලිස් වසමේදී අත්අඩංගුවට ගත් බව පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. එම සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 90,520 ක් පොලිස් භාරයට ගෙන ඇත.
එම ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට පොලිස් කණ්ඩායමක් විසින් එක් සැකකරුවකු අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 42,350 ක් සමඟ පයාගල නිර්මල වත්ත ප්‍රදේශයේදී හා අනෙක් සැකකරු ඇතුළු කණ්ඩායමක් අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 48,170 ක් සමග පයාගල කුඹුරු ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd