(ගයාන් සූරියආරච්චි)

 සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍යංශයට බදු පදනම මත ගොඩනැගිල්ලක් බදු පදනම මත ලබාගැනීමෙන් පසුව බදු ගිවිසුම් කාලය දීර්ඝ කිරිම වෙනුවෙන් රුපියල් හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් අටසිය අසූ හතක මුදලක් ඉල්ලා ඉන් ලක්ෂ 20 ක මුදලක් ලබාගෙන තිබූ බව එම කොමිෂන් සභාව කියයි.

කෙසේ වෙතත් ඉතිරි මුදල් වෙනුවෙන් එම ගොඩනැගිල්ල අයත් පෞද්ගලික සමාගෙමෙන් රුපියල් ලක්ෂ 5 ක මුදලක් තුටු පඩුරු ලෙස ලබාගැනීම  සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිෂන් සභාව කියයි.