මත් සැකකරුවෝ 931ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 931 ක් ඊයේ (17) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 18 November 2025
සූදු ක්‍රීඩා නියාමන පනතට 1 වැනිදා පණදෙයි: ගැසට්ටුව පිටවෙයි සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත ලබන මස 1 වැනිදා දින සිට ක්රියාක්මක කිරීමට රජය තීරණය කර ඇත. 18 November 2025
ත්‍රිවිධ හමුදාව වෙනස් කිරීමට කමිටුවක් ත්‍රිවිධ හමුදාව ප්‍රතිව්‍යුහගතකරණයට කමිටුවක් පත් කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදි අද පැවසීය 18 November 2025
කතානායකට - නියෝජ්‍ය ඇමැති හතකට ඇමැති බංගලා ඇමති නිල නිවාස 08ක් කතානායකවරයාට සහ නියෝජ්‍ය මාධ්යවරුන් හත් දෙනකුට ලබාදී ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2025
ස්වාමීන් වහන්සේලාට ගුටි බැට දෙන්න පොලිසියට අයිතියක් නෑ ත්‍රිකුණාමල විහාරයේ ප්රශ්නය විසඳීමට කටයුතු කරන්නේ තමා රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදි අද පැවසීය 18 November 2025
ලංකාවේ ආයෝජනයට විදේශ සමාගම් 150 ක් මෙරට ආයෝජන අවස්ථා සිදුකිරීමට විදේශ සමාගම් 150 ක් පමණ එකඟතාව පළකර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය’විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 18 November 2025
පොලිසියට කැබ් 200ක් යතුරුපැදි 750ක් පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනයෙන් මුදවාගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 18 November 2025
බෙන්තොට වෙරළෙන් මත්ද්‍රව්‍ය මතුවෙයි බෙන්තොට වෙරළ තීරයේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20ත් 25ත් අතර ප්‍රමාණයක් අඩංගු පාර්සලයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ. 18 November 2025
ප්‍රා.ලේ.කො. 30කට නාය අනතුරු ඇඟවීම් පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර තිබේ. 18 November 2025
කන්දෙපුහුල්පොළ ඔයේ අඹු සැමි යුවළ ගසාගෙන යති බෝගහකුඹුර කන්දේපුහුල්පොල ඔයෙන් එගොඩ වීමට ගිය පොලිස් විශේෂ කාර්ය බළකා සැරයන්වරයකු සමග ඔහුගේ බිරිද සැඩදිය පහරකට හසුව ගසාගෙන යාමෙන් බිරිද මියගොස් සැමියා අතුරුදහන් වී ඇතැයි බෝගහකුබුර පොලිසිය පවසයි . 18 November 2025
ප්‍රදේශ රැසකට අද තද වැසි දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව දුරටත් පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 November 2025
‘ලෙකෝ’ සභාපතිට කෝටි 8 ක සැප රියක් ඇනවුම් කරලා? ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ‘ලෙකෝ’ සභාපතිවරයාට වර්තමාන ආණ්ඩුව යටතේ රුපියල් ලක්ෂ 800 ක් හෙවත් රුපියල් කෝටි 8 ක් වටිනා අති සුඛෝපභෝගී කාර් රථයක් ඇන්වුම්කර ඇති බවත් එම කාර් රථය ඉදිරි දින කීපයේ මෙරටට ළඟාවීමට නියමිත බවත් ‘ලෙකෝ’ සමාගමේ සේවකයෝ පවසති. 18 November 2025
ගුවන්තොටුපොළේ අතහැර ගිය බෑගයේ කෝටි 11 ක ගංජා කටුනායක ගුවන්තොටුපොළෙන් මඟහැරුණු ගමන් මල්ලක් ලෙස ගමන් මලු කාර්යාලයට මාරුකළ ගමන් මල්ලක තිබූ රුපියල් කෝටි 11 කට අධික වටිනාකමින් යුත් ගංජා තොගයක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසීය. 17 November 2025
වෙළඳ ලකුණක් අනුකරණය කළැයි රත්නපුරයේ ආයතනයකට නඩු ප්‍රසිද්ධ වෙළඳ ලකුණක් අනුකරණය කළ ව්‍යාජ ලේබලයක් යටතේ ජල ජලපොම්ප නිෂ්පාදනය, බෙදා හැරීම හා අලෙවිය සිදුකළේ යැයි කියන රත්නපුරයේ වෙළෙඳ ආයතනයකට එරෙහිව බුද්ධිමය දේපල පනත යටතේ පැවරූ නඩුව සමථයකට පත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු එම් අයි එම් ඉර්සඩින් මහතා නියෝග කළේය . 17 November 2025
මීටියාගොඩ වෙඩි තැබීමකින් කතක් මරුට මීටියාගොඩ දොඹන්විල ප්‍රදේශයේ අද (17) සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මිය ගිය බව මීටියාගොඩ පොලීසිය කියයි. 17 November 2025
කබ්රාල්ට එරෙහි පෙත්සමක් විසි වෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව සඳහන් කරමින් ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් මිලියන 6.5 ක මුදලක් ඉමාඩ් සුබේරි නැමති ඇමරිකානූ ජාතිකයෙකුට ගෙවීම තුළින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පිරිසක් සිය මූලික මිනිස් අයිතිවාසිකම් කඩකර ඇතැයි චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය 17 November 2025
ත්‍රිකුණාමලය බුදුපිළිමය ඉවත්කිරීම තරගයේ හෙළා දකිනවා ත්‍රිකුණාමලය කොටුව පාර ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය භූමියේ බුදුපිළිමය ඉවත්කිරීම සහ භික්ෂූන්වහන්සේට පහරදීම තරයේ හෙළා දකින බවත් එම විහාරස්ථානයේ සහ භික්ෂූන්වහන්සේගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කඩිනම් පියවර ගතයුතු බවත් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායකහිමියෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමු කරමින් දන්වා සිටිති. 17 November 2025
විදේශ කටයුතු අධිකරණ වැය ශීර්ෂ සම්මතයි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය. 17 November 2025
ඖෂධ 350ක මිල අඩු කරයි ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු විවිධ රෝග රැසක් සඳහා ලබාදෙන ඖෂධ වර්ග තුන්සිය පනහක මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවැසීය. 17 November 2025
ලොකු ලූනු වලට ස්ථාවර මිලක් ගොවියාට අසාධාරණයක් නොවන අන්දමින් ලොකු ලූනු සඳහා ස්ථාවර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. 17 November 2025
වතු කම්කරු පඩි වැඩිකිරීමට රජයේ මුදල් වෙන්කිරීමට විරෝධය වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ දැමීමට මෙවර අයවැයෙන් රජයේ මුදල් රුපියල් කෝටි 500 ක් වෙන්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳ අවසන් තීරණයට ලබන 19 වැනිදා එළඹෙන බවත් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම කැඳවුම්කරු ඇන්ටන් මාකස් මහතා අද (17) පැවසීය. 17 November 2025
ගොඩනැගූ ආර්ථිකය ස්ථාවර කරගන්න සහය දෙන්න ගොඩනැඟූ ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය දක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අද ඉල්ලීමක් කළේය. 17 November 2025
සම්බාහන කරන ගමන් කුඩු විකුණලා හබරණ ජයසෙන්ගම ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන හිමිකාරියක දිගු කලක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී අද සවස අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි. 17 November 2025
දොස්තර වර්ජනය දිග්ගැස්සෙයි 2026 අයවැය මගින් සෞඛ්‍ය සේවය හා වෛද්‍යවරුන් නොසලකා හැර ඇති බවට විරෝධය පළකරමින් අද (7) උදෑසන 8.00 ට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙනයන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 17 November 2025
මාදැල් ධීවරයෝ කොළඹ විරෝධයේ මාදැල් ධීවර කර්මාන්තයට යාන්ත්‍රික උපකරණ භාවිතාකිරීම තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් පුත්තලම දිස්ත්‍රිකක්යේ මහවැව තොඩුවාව මාදැල් ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාව කොළඹ ධීවර අමාත්‍යංශය ඉදිරිපිට අද (17) විරෝධතාවක් දැක්වූහ. 17 November 2025
දෙකයි පනහේ ලෝයර්ස්ලා කතාවක්: සුනිල් - චාමර හැප්පෙති මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල සහ මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහත්වරුන් අතර බහින්බස්වීමක් ඇතිවීමෙන් පාර්ලිමේන්තුවේ අද පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය. 17 November 2025
මෙම වසරේ සංචාරකයන් ලක්ෂ 20 කඩයිම පසුකරයි මෙම වසරේ (2025) ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන්ගේ පැමිණීම (මිලියන 02) ලක්ෂ 20 කඩඉම පසු කර යාමට අද (17) සමත් විය. 17 November 2025
‘‘බුදු කුටිය අනවසර ඉදිකිරීමක්‘‘ ත්‍රිකුණාමලය වරාය වෙරළ තීරයේ ඉදිකළ කුටියක තිබූ බුදුපිළිමයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතින වීඩියෝවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව එම බුදු පිළිමය සහිත කුටීරය වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසරයෙන් ඉදිකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 17 November 2025
’’රෝහණ විජේවීර වෙනුවෙන් කෞතුකාගාරයක් හදන්න’’ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර වෙනුවෙන් කෞතුකාගාරයක් ඉදි කරන්නැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. 17 November 2025
රට පුරා වැඩ වර්ජනවලින් වෙච්ච පාඩුව රට පුරා පසුගිය වසරේ (2024) සිදුවූ වැඩ වර්ජන දහතුනකින් මිනිස් දින 46769ක් අහිමිවී ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. 17 November 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026