නාය යෑමෙන් අවතැන් පවුල් වලට අය වැයෙන් මුදල් නායයෑම් අවදානමට ලක්විය හැකි ප්‍රදේශ වල සහ අභ්‍යන්තරව අවතැන් වූ පවුල් වල ජීවත් වන පිරිස ඇතුළු අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ නිවාස අවශ්‍යතා සඳහා අයවැය මඟින් අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 19 November 2025
මත් සැකකරුවෝ 865 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 865 ක් ඊයේ (18) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 19 November 2025
අධිවේගයට ආ වන අලියා දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට මත්තල ප්‍රදේශයෙන් පැමිණි වන අලියකු පලවා හැරීමට මාර්ග සංවර්ධන අධිකාරී සේවකයෝ කටයුතු කළහ. 19 November 2025
කතානායක කන්තෝරුවට නයෙක් ඇවිත් කලබලයක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ පාර්ලිමේන්තු කාර්යාලයේ නයකු හමුවීමෙන් ඊයේ(18) එහි උණුසුම් තත්වයක් ඇතිවූ බව වාර්තාවේ. 19 November 2025
දයාසිරිගේ හැසිරීම හොයන්න මැතිසබා කමිටුවක් සමගි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් නම් කර ඇති බවකතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 19 November 2025
නාමල් පාර්ලිමේන්තු කාරක සභාවෙන් අස්වෙයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වී ඇත. 19 November 2025
කුරුවිට ප්‍රා.ස. අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි කුරුවිට ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මත කරගැනීමට පාලක ජාතික ජන බලවේග කණ්ඩායම සමත් විය. 19 November 2025
යතුරු පැදි එකිනෙක ගැටී දෙන්නෙක් මරුට අරලගංවිල දෙහිඅත්තකණ්ඩිය ප්‍රධාන මාර්ගයේ, සිරිපාලන විහාරස්ථානය ඉදිරිපිටදි යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරෙන් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනෙකු මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිසිය කියයි. 19 November 2025
කෙසෙල්ගමු ඔය පිටාර ගලා පහත්බිම් යටවෙයි බගවන්තලාව මහඑළිය රක්ෂිතයට ඊයේ (18) පස්වරුවේ සිට ඇද හැලුණු අධික වැසි සමඟ කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔය පිටාර ගැලීමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වී තිබේ. 19 November 2025
රනාලේ කඩදාසි කම්හලක ගින්නක් කඩුවෙල රනාල ප්‍රදේශයේ කාඩ්බෝඩ් කර්මාන්ත ශාලාවක අද (19) අලුයම ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාවට දැඩි ලෙස අලාභ හානී සිදුව ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 19 November 2025
පළාත් කීපයක සවස 1.00 පසු වැසි උතුරු, උතුරු-මැද ස නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 November 2025
මහින්ද 21 නුගේගොඩ එනවාලු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය 80 වැනි උපන්දිනය දා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබා ගත්තේය. 19 November 2025
බදුලු දුම්රියට ගල් පර්වතයක් වැටේ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියට ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දී අද (19) අලුයම විශාල ගල්පර්වත කඩා වැටීමෙන් දුම්රිය එන්ජිම ගල්පර්වත අතර සිරවී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. 19 November 2025
තංගල්ලේ වෙඩික්කරුවන් ආ යතුරු පැදිය සොයා ගනී තංගල්ල උණාකූරුවේ අඹුසැමි යුවළගේ ඝාතකයන් පැමිණි බවට සැක කරන යතුරුපැදියක් වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් හතරක පමණ දුරකින් තංගල්ල මාතර ප්‍රධාන මාර්ගයේ ආසන්නේ සීනිමෝදර ප්‍රදේශයේ දමා ගොස් තිබීදී පොලිසිය සොයාගෙන තිබේ 18 November 2025
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට ඔහිය දුම්රිය ස්ථානය අසල දී පිලීපැනීමට ලක්ව තිබු මහනුවර බදුල්ල අංක 1126 දරණ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය යලි පිලීගත කිරීමෙන් අනතුරුව උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (18) රාත්‍රි සිට සාමාන්‍ය පරිදි ධාවනය කැරෙන බව දුම්රිය පාලක මැදිරිය පවසයි . 18 November 2025
ජනපති පාර්ලිමේන්තු ඇවිත් ’’පොඩි හනුමා’’ සොයයි ත්‍රිකුණාමලයේ සිද්ධිය අල්ලාගෙන ඇතැම් පිරිස් ජාතිවාදය අවුළුවන්නට උත්සාහ කරන අතර නැවත කිසි කලෙක ජාතිවාදී නාඩගම් වලට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2025
ත්‍රි’මලේ සිද්ධිය ගැන ජනපති වාර්තාවක් කැඳවයි ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස මහජන ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවසීය. 18 November 2025
අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මතයි ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද(18) පස්වරුවේ සම්මත විය. 18 November 2025
වෙඩි පහරින් අඹුසැමි යුවළ මරුට තංගල්ල උණාකූරුව වැව අසල දී අද (18) යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අඹුසැමි යුවලක් වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 18 November 2025
වැවට ගිය සෙබළාගේ මළ සිරුර හමුවෙයි වීරවිල වැවට ගොස් අතුරුදන්ව සිටි යුද හමුදා සෙබෙළෙකුගේ මළ සිරුර අද (18) පස්වරුවේ සොයාගත් බව පොලිසිය පැවසීය . 18 November 2025
වෘත්තීය ආරක්ෂණ පනත සංශෝධනයට ජාතික වෘත්තීය ආරක්ෂණ සහ සෞඛ්‍ය පිළිබඳ ආයතනය පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 November 2025
චාමර මාසයක් ගොළු වෙන්න ඔට්ටුවක් අල්ලයි විපක්ෂය සංවිධානය කරන නුගේගොඩ රැස්වීමට විසිදාහක් නොආවොත් තමා පාර්ලිමේන්තුවේ මාසයක් කතා නොකරන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 18 November 2025
සත්ව මස් සමඟ කපුවා අල්ලයි අනුරාධපුර පුජා භුමියේ ප්‍රධානතම ආගමික ස්ථානයක ප්‍රධාන කපුවා වනසතුන්ගේ මස් තොගයක් සමග අද (18)දින වනජිවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 18 November 2025
අර්තාපල් ගොවීන්ට සහනාධාරයක් දේශීය අර්තාපල් ගොවීන්ගේ ගැටලු විසඳීමට කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් ඔස්සේ ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය. 18 November 2025
’’චාමරට එරෙහි විමර්ශන අවසන්’’ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කලේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇතුළු සැකකරුවන් තිදෙනාට එරෙහි විමර්ශන අවසන් කර ඇති බැවින් ඉදිරියේදී මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම (18)පැවසීය. 18 November 2025
අල්ලස් ගත් මිනුම්දෝරුවකුගේ ඇප විසි වෙයි අක්කරේපත්තුව දිසා අධිකරණයෙහි විභාග වන ඉඩම් නඩුවක විත්තිකරුවෙකුට වාසි සහගත අයුරින් මැනුම් වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ලබා ගත්තේ යැයි කියන මිනුම්දෝරු සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා (18) නියෝග කළේය. 18 November 2025
මිනිසුන් එකතු කරන්න හැකියාව තියෙන්නේ අධ්‍යාපනයට මිනිසුන් දේශපාලන, සමාජ සහ ආර්ථික වශයෙන් එක් කිරීමට හැකියාව ඇත්තේ අධ්‍යාපනයට බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 18 November 2025
අලි ඇතුන් හොරෙන් පෙන්වන ජාවාරමක් කවුඩුල්ල ජාතික උද්‍යානයේ වන අලින් පෙන්වා රජයට ලැබිය යුතු මුදල් හොර රහසේ කාලයක් තිස්සේ ලබාගත් ජාවාරමක් හෙළිකර ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ වැටලීම් කණ්ඩායමකට හැකි විය. 18 November 2025
ආණ්ඩුවේ මන්ත්‍රීන්ටත් ආරක්ෂාව ඕනෑ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් නොව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂාවක් තිබිය යුතු බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 18 November 2025
කොළඹට ජාතික හදවත් රෝහලක් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා ජාතික හදවත් රෝහලක් ස්ථාපිත කිරීම ඇතුලු සෞඛ්‍ය අංශයේ නව ව්‍යාපෘති නමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 18 November 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026