ප්‍රශ්න කද බැදන් ආදිවාසී නායකයෝ කොළඹට මංගච්චති ආදිවාසී ප්‍රජාව මුහුණපාන ගැටලු සහ ක්ෂුද්‍ර මුල්‍ය ණය ගැටලුව පිළිබඳව සකස් කළ ප්‍රතිපත්ති ලේඛනයක් ඉදිරිපත් කිරීම ආදිවාසී නායකයන්ගෙන් සහභාගිත්වයෙන් කොළඹදී ඊයේ (17) සිදුකෙරිණි. 18 January 2023
අටවන ජනාධිපති අටවන උගුල්වල සීමාවක් නෑ අටවන ජනාධිපති පත්වූ දා සිටම කළේ උගුල් අටවන එක යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 January 2023
නිදහස් උත්සවයට වන්නිලඇත්තන්ට ආරාධනා නිදහසේ 75 වන සමරුවට තමා සෙසු ආදිවාසී නායකයන්ද සමඟ සහභාගී වෙන බව වැදි නායක ඌරුවරිගයේ වන්නියලැත්තෝ පැවසීය. 18 January 2023
ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයෝ තිදෙනෙක් අලුතින් පිහිටුවීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සිවිල් නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ආචාර්ය ප්‍රතාප් රාමනුජාම්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන අය පත්කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (18) හිමිවිය. 18 January 2023
පළාත් පාලන මැතිවරණ නියමිත පරිදී පවත්වනවා නාමයෝජනා කැඳවීමෙන් අනතුරුව පළාත් පාලන නීතියට අනුකූලව පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය. 18 January 2023
නිදහසට වැයවන මුදල අර්ථාන්විත දේකට යොදවන්න නිදහස් දිනය සැමරීමට වැයවන මිලියන 200ක වියදම අර්ථාන්විත දෙයකට යොදවන්නැයි අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය. 18 January 2023
බස් දීම ගැන සජිත්ගෙන් ප්‍රකාශයක් තමා පාසල් වලට බස්රථ පරිත්‍යාග කිරීම සම්බන්ධව විවාදයක් පවත්වමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 January 2023
මැතිවරණ වියදම් පනත ගැන හදිසි පක්ෂ නායක රැස්වීමක් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පිලිබඳ සාකච්ජා කිරීමට, ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් අද ප:ව:2.30 ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බව, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. 18 January 2023
පොල් හානිය ගැන අලුත් වාර්තාව එළි දකී රිලව්, දඩුලේනුන් හා වඳුරන් 2022 වසරේ දී පොල් ගෙඩි මිලියන 180-200ක් අතර ප්‍රමාණයක් වනසා ඇතැයි කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි. 18 January 2023
නියෝජ්‍ය පොලිස්පති නිලන්තට නිතිපති සහාය නෑ පාස්කු ප්‍රහාරයට ලක් වූවන් වන්දි ඉල්ලා පවරා ඇති නඩුවලදී හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බව කොළඹ දිසා අධිකරණයට අද දැනුම් දුන්නේය. 18 January 2023
විදුලිබලය තෙල් සංස්ථාවට කෝටි 10,500ක් ණයයි විදුලිබල මණ්ඩලයෙන්, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 105 ක් හෙවත් රුපියල් කෝටි 10,500 ක මුදල හැකි ඉක්මණින් ගෙවීමට කටයුතු කරන බවත් අඛණ්ඩව ඉන්ධන සැපයීම පවත්වාගෙන යෑමට සහ තෙල් පිරිපහදුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය සැළසුම් සකස් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 18 January 2023
කණුවට බර වූ දුම්රිය අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා උදෑසන 5.25 ට ගමන් ඇරඹූ අංක 9649 දරණ දුම්රිය කොස්ගම දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමකට ලක්ව ඇත. 18 January 2023
වැස්සේ අලුත්ම තත්ත්වය සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (18) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 January 2023
පානදුර දෙපිරිසක් ගැටී නිවෙසක් ගිනි බත් පානදුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ නිවසකට රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනිතබා විනාශ කර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි. 18 January 2023
රටෙි ආර්ථිකය ගැන බාරකරුවෝ උත්තර දෙති මේ වසරේ මුල් කාර්තුව අවසන් වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සම්බන්ධව එහි විධායක අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 17 January 2023
65 මවකට ගිනි තබා මරා දමලා කොටුගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසකට අද රාත්‍රියේ 7.30 පමණ කඩා වැදුණු නාදුනන පුද්ගලයන් කිහිපදෙනකු එහි නිදන කාමරයට ගිනි තැබීම නිසා එම කාමරයේ සිටි 65 හැවිරිදි කාන්තාවක පිළිස්සී මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කරයි. 17 January 2023
වසන්ත වෙනුවෙන් සංවිධාන හතක් පෙරට රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට සහභාගී වුණැයි පසුගිය වසරේ අගෝස්තු මස සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා වහාම නිදහස් කරන ලෙසත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසත් පවසමින් දේශීය සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 7ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත. 17 January 2023
සනත් නිශාන්තට එරෙහි චෝදනා ගොනු කරයි අධිකරණයට අපහාස කළැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ චෝදනා ගොනු කළේය. 17 January 2023
ආයතන රැසක ලොක්කෝ හෙට මැතිවරණ කොමිසමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක ප්‍රධානීහු මැතිවරණ කොමිෂන් සභාවට හෙට (18) උදේ කැදවෙති. 17 January 2023
වකුගඩු ජාවාරමේ හතර දෙනෙක් 31 තෙක් රිමාන්ඩ් බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් කේන්ද්‍ර කරගනිමින් සිදුවන බව කියන වකුගඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනෙකු ලබන 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (17) නියෝග කළාය. 17 January 2023
පක්ෂ නායක -ජනපති හමුවක් හෙට ඡන්ද ව්‍යාපාර සඳහා මුදල් දෙන පාර්ශව හෙළි කෙරෙන මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට විපක්ෂයේ පක්ෂ විරුද්ධ වීම නිසා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් හෙට (18) පැවැත්වේ. 17 January 2023
සේපාල යළි රිමාන්ඩ් දළදා වහන්සේට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබ සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ ලබන 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය. 17 January 2023
සැතපුමක් දුර පන්නා දුම්රියේ ගැට කපන්නා අල්ලයි දුම්රියේ ගමන් ගත් මගියකුගේ මුදල් පසුම්බිය සොරාගත් පුද්ගලයකු පසුපස කිලෝමීටරයක් පමණ ලුහු බැඳ ගොස් කොල්ලකරු සහ මුදල් පසුම්බිය අල්ලා ගැනීමට දුම්රිය ආරක්ෂක හමුදාවේ මෙහෙයුම් ඒකකයේ ආරක්ෂක නිලධාරීහු අද සමත් වූහ. 17 January 2023
හිටපු මහබැංකු අධිපතිගේ විදෙස් ගමන් තහනම දික්වෙයි හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම පෙබරවාරි මස 16 වන දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද (17) නියෝග කළේය. 17 January 2023
ගම්පහ සාම විහාරයේ ආවාස ගෙට ගින්නකින් හානි ගම්පහ සාම මහා විහාරයේ දෙමහල් ආවාස ගෙයි ඊයේ (16) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් දැඩි හානි සිදුව ඇති බව විහාරාධිපති තලංගල්ලේ සෝමසිරි නාහිමියෝ පැවසූහ. 17 January 2023
මුදලිගේ නඩුව වෙනත් අධිකරණයකට මාරුකරයි ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත් අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස ඉල්ලීමක් කළේය. 17 January 2023
හිටපු ජනපති මෛත්‍රීට එරෙහි අපරාධ පැමිණිල්ල වළක්වාලන රිට් පෙත්සම 23 දා විභාගයට අදාල තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති අපරාධ පැමිණිල්ල වළකා ලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම ජනවාරි 23 වැනිදා වැඩිදුර විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළේය. 17 January 2023
රටින් පිටමං කළ ධනය රටේ ණය බරට සමානයි පසුගිය දශක දෙකක කාලයේ දී රටෙි ආනයන අපයනවලින් 7% ක් සඟවා ඇතැයි ද එසේ රටින් පිටමං කර ඇති ධනය රටේ සමස්ත ණය බරට සමාන යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 17 January 2023
බදු පරිශ්‍ර පනතට කතානායකගේ සහතිකය බද්දටදී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිය සහතිකය සටහන් කළේය. 17 January 2023
ළමා රෝහලේ සුළු සේවා ප්‍රධානියාට විරෝධය අක්‍රමිකතා රැසකට සම්බන්ධ යැයි චෝදනා එල්ල වී සිටින රිජ්වේ ආර්යා ළමා රෝහලේ සුළු සේවා අංශයේ ප්‍රධානියෙක් ස්ථාන මාරුකර පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් එම රෝහලේ සේවකයන් පිරිසක් සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. 17 January 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026