ක්ෂුද්‍ර මූල්‍ය රකුසා ගැන හෙළිදරව්වක්
ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් ඇතුළු සාමාජිකයන් එකසිය විස්සකට ආසන්න පිරිසක් පසුගිය වසර දෙකේදී ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ පොලී වාරික ගෙවා ගැනීමට නොහැකිවීමෙන් ඇතිවූ මානසික ව්‍යාකූලත්වයන් හේතුවෙන් සියදිවි හානිකර ගෙන ඇතැයි තොරතුරු වාර්තාවන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.