ගංගානි - මහින්ද මැතිවරණ කොමිසමට කැඳවිය යුතුයි
රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මැතිවරණ කොමිසමට කැඳවා ප්‍රශ්න කළ යුතු බවත් එම නිලධාරීන් ඉතාම පැහැදිළිව රටේ උත්තරීතර නීතිය කඩ කරමින් ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කිරීමට උත්සහ කරන බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (15) පැවසීය.