එක්සත් රාජධානියේ රාජකීය නෞකාව නිල සංචාරයක එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අයත ‘එච්එම්එස් ස්පෙයි’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට අද (27) පෙරවරුවේ සේන්දු විය. 28 January 2024
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් බොරලැස්ගමුවේදී මාට්ටු බන්ධනාගාර නියාමකවරයෙකුගේ නමින් බොරලැස්ගමුව පිරිවෙන පාරේ නිවාස සංකීර්ණයක සුඛෝභෝගී නිවසක් කුලී පදනම මත ලබාගෙන ඔහු සමග එක්ව හොරයින් මත් කුඩු ජාවාරමේ නිරත වූ ’’ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ’’ බඩෝවිට ආශා’’ නැමැත්තිය අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි 28 January 2024
කාන්තා හිංසන දැනුම් දීමට දුරකතන අංකයක් කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් දැනුම් දීමට වෙනම දුරකතන අංකයක් හඳුන්වා දී ඇත 28 January 2024
මැතිසබේ මුල් පුටු හතකට අලුත් මුහුණු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) ඇතුළු කාරක සභ හතක මුල් පුටු ( සභාපති තනතුරු) වෙනස් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. 28 January 2024
ගාලු සංවර්ධනයට විශේෂ කොමිසමක් ගාල්ල සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 28 January 2024
රතු මුහුදේ අර්බුදයෙන් කොළඹ වරායේ මෙහෙයුම් කඩිනම් කරයි මැදපෙරදිග රතු මුහුද ආශ්‍රිතව ඇති වී තිබෙන අර්බුද තත්වය හේතුවෙන් කොළඹ වරායට ළගා වන නෞකාවන් ප්‍රමාණය වැඩි වී ඇති බවත් ඒ අනුව බහලු මෙහෙයුම් ධාරිතාවය ඉහළ ගොස් ඇති බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 28 January 2024
ලොකු පොලී පෙන්නා කෝටි 500 ගැරූ බස්නායක නිලමේ,නිලියක රිමාන්ඩ් වැඩි පොලියක් ලබා දෙන බවට පවසමින් රජරට හුරුළු ව්‍යාපාරය ගොවි ජනතාව රවටා ’’ට්‍රෙරෙඩ්වින් ’’නමින් පිරමීඩ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම් කළේ යැයි කියන උපාධිධාරී බස්නායක නිලමේවරයා සහ සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ සැඟවාගෙන සිටියේ යැයි කියන ටෙලි නිලියක ලබන 05 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කහටගස්දිගිලිය වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ දිමුතු මහතා නියෝග කළේය. 28 January 2024
තේ පෝර අඩු කරන ගිවිසුම හෙට අත්සන් කරයි තේ වගාවේ අස්වනු ඉහළ නැංවීම සඳහා සහන මිලට තේ පොහොර ලබාදීම සඳහා වන ගිවිසුමට හෙට අත්සන් කරනු ලබයි. 28 January 2024
වෘත්තීය පුහුණුවේ ලොක්කෙක් තැන් දෙකකින් පඩි අරගෙන ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂවරයකු මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරී අධ්යක්ෂවරයකු ලෙස සේවය කරමින් ආයතන දෙකෙන්ම දීමනා සහ ප්‍රවාහන පහසුකම් ලබාගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 28 January 2024
මේ විවිධ ආණ්ඩු කළ වැරදි නිවැරදි කරන යුගයයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වලට රුපියල් කෝටි පහක කෘෂි උපකරණ බෙදා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 28 January 2024
’ලොරෙන්සෝ පුතා ‘ යාත්‍රාව ගැන බහරේනයේ නාවික හමුදාවට කියයි අරාබි මුහුදේදී රැකියාවේ නිරත වෙමින් සිටියදී ඊයේ (27) ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාව ආයුද සන්නද්ධ පිරිසක් විසින් පැහැර ගනු ලැබීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස රටවල් 39 කින් සැදුම්ලත් සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක බහරේනයේ ඒකාබද්ධ නාවික හමුදාවට ශ්‍රී ලංකාව දැනුම් දී තිබේ. 28 January 2024
දුම්රිය ආපනශාලා හදිසි පරීක්ෂාවට දුම්රිය තුළ පිහිටුවා ඇති ආපනශාලා හදිසි පරීක්ෂාවට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. 28 January 2024
වත්කම් බැරකම් දෙන්න ඕන අලුත් ලැයිස්තුව මෙන්න ජනපතිවරයා අගමැතිවරයා ප්රමුඛ දේශපාලඥයන්ගේද රාජ්‍ය සේවයේ නියුක්තව එක් ලක්ෂ පනස් දහසක පමණ වන මාණ්ඩලික ශ්‍රේණි වලට අයත් රාජ්‍ය සේවකයන්ගේ සහ මාධ්‍ය ප්‍රධානීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සැලසුම් කර ඇත 28 January 2024
හිටපු ප්‍ර.සභා මන්ත්‍රීට හෙල්මටයෙන් පහරදුන්නැයි අයෙක් අල්ලයි පොදු ජන පෙරමුණේ මහියංගණ ප්‍රාදේශීය සභාවේ හිටපු මංත්‍රීවරයකු ගේ හිසට හෙල්මටයකින් පහරදී බරපතළ තුවාල සිදු කලැයි සැකපිට තරුණයකු අද (28) අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි . 28 January 2024
නරේන්ද්‍රට මැතිසබයෙන් ආරාධනාවක් වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මහතා අනිද්දා(30) විශ්‍රාම යෑමට නියමිතය. ඒ නිමිත්තෙන් පාර්ලිමේන්තුවේදී එදින විශේෂ උත්සවයක් පැවැත්වේ. 28 January 2024
රාජ්‍ය සේවය ගැන ඇමැති රමේෂ්ගෙන් ප්‍රකාශයක් රාජ්‍ය සේවය තවදුරටත් වැඩි කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය 28 January 2024
ඡන්ද දඩය ලක්ෂ දහයට නගී මැතිවරණයකදී ඡන්ද ගැනීම සඳහා අල්ලස් දීමේ වරදට ගෙවිය යුතු දඩ මුදල රුපියල් 500යේ සිට ලක්ෂ දහය දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. 28 January 2024
තංගල්ල ධීවර වරාය අසල කාන්තා මළ සිරුරක් තංගල්ල ධීවර වරාය අසල මුහුදේ පාවෙමින් තිබූ කාන්තාවකගේ මළසිරුරක් අද (28) පෙරවරුවේ හමුවූ බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . 28 January 2024
පක්ෂ දියුණු කරන්න පෙර රට දියුණු කළ යුතුයි රට ලෝකයත් සමග ඉදිරියට ගෙනයාමට අවශ්‍ය නම් ඒ සඳහා අණ පනත් සම්මත කරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 28 January 2024
වැලිකඩින් පැන්න රැඳවියා පිළියන්දලින් අල්ලයි රහසිගතව භාවිතා කළ ජංගම දුරකථනයක් රැගෙන වැලිකඩ බන්ධනාගාරයෙන් පලා ගොස් සිටි රැදවියකු පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 28 January 2024
සිසුවා දුම්රියේ ගැටෙයි මිතුරන් පිරිසක් සමග දුම්රිය මාර්ගය මත වාඩි වි කථාබස් කරමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකු බුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේ දි දුම්රියක ගැටිමෙන් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් රත්ගම පොලිසිය පවසයි. 28 January 2024
පළාත් කීපයකට විටින් විට වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 January 2024
යුක්තිය තවත් 803 ක් අල්ලයි යුක්තිය මෙහෙයුම යටතේ සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 803 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 28 January 2024
චීන ගෙවල් වැඩ මාර්තුවේ අරඹයි අඩු ආදායම්ලාභීන්, කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් චීන රජයේ ආධාර මත ඉදිකිරීමට නියමිත නිවාස 1,996 යේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 28 January 2024
‘‘යුක්තිය‘‘ නොවුනා නම් මෙරට චිකාගෝවක් ’’යුක්තිය ’’මෙහෙයුම ආරම්භ නොවූයේ නම් ශ්‍රී ලංකාව චිකාගෝවක් වීමට තිබූ බව අමාත්‍ය ටිරාන් අලස් මහතා අද ගම්පහ , නයිවලදී පැවසීය. 28 January 2024
උණ්ඩ 61ක් සමග අයෙක් මාට්ටු විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියකට භාවිතා කරනු ලබන පතුරම් 61 ක් බලපත්‍ර නොමැතිව තබාගෙන සිටි පුද්ගලයකු පිළියන්දල ගැඩබුවාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 28 January 2024
දක්ෂිණ අධිවේගයේ අනතුරක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 118 ගොඩගම අන්තර් හුවමාරුව සහ සහ කොක්මාදුව අන්තර් හුවමාරුව අතර ලොරියක් පෙරළීම හේතුවෙන් වාහන ගමනා ගමනය අවහිර වී ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 27 January 2024
නිවසේ කොල්ලයෙන් මිත්තනියගේ ඝාතනයත් එළියට බෙලිඅත්ත නිහිළුවේ නිවෙස සිදු වූ කොල්ලයක් සම්බන්ධයෙන් සැකපිට පාසල් සිසුවකු අත්අඩංගුට ගෙන ප්‍රශ්න කිරිමේදී තම ආච්චි අම්මා ඝාතනය කර ඇගේ රන් මාලය කොල්ල කෑම සඳහ සිද්ධියක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව බෙලිඅත්ත පොලිසිය කියයි. 27 January 2024
ධීවරය යාත්‍රාවක් මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට දික්ඕවිට ධීවර වරායෙන් රැකියාව සඳහා පසුගිය 12 වැනිදා පිටත්වූ ලොරෙන්සෝ පුතා 4 බහුදින ධීවර ට්‍රෝලර් යාත්‍රාව අරාබි මුහුදේ රැකියාවේ නිරත වෙමින් සිටියදී අද (27) දහවල් කාලයේදී කිසියම් ආයුද සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ප්‍රකාශ කළේය. 27 January 2024
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025