IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා

(සුමිත් පොතුපිටිය)

නම්කර ඇති මැතිවරණ රාජකාරීන්වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව සදහන් කලේ අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි නිරීක්ෂණය කිරීම සදහා පැමිණ නිරීක්ෂණ රාජකාරි වලින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

රාජ්‍ය නිළධාරීන් හැත්තෑ එක් දහසකට අධික පිරිසකට තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ අතුරින් මැතිවරණ රාජකාරි සදහා පිරිසක් නම්කර තිබෙනවා. කිසියම් රාජ්‍ය නිළධාරියෙක් හෝ සේවකයෙක් නම්කර ඇති රාජකාරිවලට වාර්ථා නොකිරිමෙන් එම රාජකාරි අතපසු වෙනවා මෙන්ම තවත් නිළධාරියෙකුට අවස්ථාව අහිමි වෙනවා.

ඒ නිසා ඔබ කිසියම් මැතිවරණ රාජකාරීයකට නම්කර ඇත්නම් අනිවාර්යයෙන්ම රාජකාරියට වාර්ථා කරන ලෙස රාජ්‍ය නිළධාරින්ට දැනුම් දෙනවා. එසේ වාර්තා නොකරන සියලු රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.



අදහස් (2)

මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා

Lankaputhra Friday, 20 September 2024 05:47 PM

එහෙම දේවල් වෙන්නේ රජයේ සේවය සඳහා බඳවා ගැනීමෙන් පස්සේ රජයේ සේවකයින් මෙන්ම නිලධාරින් තමන්ගේ වගකීම ගැන අනවබෝධයෙන් සිටින නිසා කියලා කියන්න පුළුවන්... රජයේ සේවය සඳහා බඳවා ගැනීමෙන් පස්සේ පත්වීම් ලිපියේ කොන්දේසි අනුව කටයුතු කරනවා කියලා අත්සන් කළත් එහි වගකීම් ගැන නවකයෙක් හැටියට දැනීමක් ඇතිවෙන්නේ නැහැ.. ඒ වෙනුවෙන් සේවාරම්භ පුහුණුවක් නොදීම නිසා සේවය පැහැර හැරීම වෙනවා.. ඔය සමගම මැතිවරණ රාජකාරි පැහැර හැරීම වෙනුවෙන් දියහැකි දඬුවම් මොනවද කියලා පැහැදිලි කරනවා නම් වටිනවා...!

:       2       4

I.A.G.L. මාරසිංහ Saturday, 21 September 2024 08:17 AM

රජයේ වියදමින් ARO ලෙස අප පුහුණුකර, ඒ සඳහා රටේ ධනය, අපේ රාජකාරී කාලය , ශ්‍රමය වැයකොට, අවසානයේ ජන්ද රාජකාරී සඳහා කැඳවීම් නොකිරීම පිලිබඳ අදාළ සියලු නිලධාරීන්ට නිසි පියවර ගන්න. මන්ද, ARO පුහුණුව ලත් මා , ආසන්න දින තුනකදී නුවරඑළිය මැතිවරණ කාර්‍යාලයට දුරකතන ඇමතුම් ලබා දී හෝ , රාජකාරි ලබා නොදුන් බැවිනි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site