IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා

(නිමල් ජයරත්න)

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19) රාත්‍රියේ නාඳුනන පුද්ගලයන් තිදෙනෙකු  විසින් ගිනිතබා විනාශ කර එහි ආරක්ෂක නිළධාරියාට පහරදී තුවාල සිදුකර ඇති බව මැදිරිගිරිය පොලීසිය පවසයි.

මෙම ගිනි තැබීම සිදුකිරීමෙන් අනතුරුව ගිනි තැබීම සිදුකල පුද්ගලයින් විසින් ආරක්ෂක නිලධාරියා ගසක බැද පහර දී පලාගොස් ඇත.

මෙලෙස ගිනි තබා ඇත්තේ එම ගල් වැඩපලට අයත් එක්ස්කැවේටර් යන්ත්‍ර 02ක් හා ගල් විඳීම සදහා යොදා ගන්නා ලද යන්ත්‍රයක් බව ඒ පිලිබද පරීක්ෂණ පවත්වන මැදිරිගිරිය පොලීසිය පවසයි.

ගිනි තැබීමෙන් යන්ත්‍රෝපකරණ වලට දැඩි හානි සිදුව ඇති අතර ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේ තත්වය තරමක් අසාධ්‍ය බව රෝහල්  ප්‍රකාශයකයකු අප කළ විමසීමකදී සඳහන් කළේය.

පොළොන්නරුව ජේෂ්ඨ පොලිස අධිකාරි නිශාන් ද  සිල්වා මහතාගේ උපදෙස් පරිදි මැදිරිගිරිය පොලිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි



අදහස් (0)

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site