IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නිවසට පැන ඡන්ද කාඩ් බලෙන් අරන් ගිහින්

(ගයාන් සූරියආරච්චි)

නිවිතිගල, දෑල ප්‍රදේශයේ දේශපාලන පක්ෂ ආධාරකාරිනියකගේ නිවෙසට ඇතුළු වූ නාදුනන පුද්ගලයන් 6 දෙනකු නිවෙසේ තිබූ ඡන්ද කාඩ් පත් 3 ක් බලෙන් රැගෙන ගොස් ඇති බව නිවිතිගල පොලිසිය පවසයි.

පැමිණිලිකාරිය නිවිතිගල, ඉන්දොළ දුම්මලවත්ත, දෑල ප්‍රදේශයේ පාළු රබර්වත්තක  පිහිටි නිවෙසක ජීවත්වන බව පොලිසිය පවසයි.

පැමිණිලිකාරිය කුලී වැඩ කරමින් ජීවත්වන කාන්තාවක වන අතර ඇය එක්තරා දේශපාලන පක්ෂයක ආධාරකාරිනියක බව පවසයි.

පැමිණිලිකාරියගේ නිවෙස ආසන්නයේ ගෙවල් පිහිටා නොමැති අතර එම නිවෙසට යාම සදහා පාරක් ද නොමැති අතර කිලෝමීටර 2 ක් පමණ දුර ගෙවා නිවෙසට යා යුතු බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන්  සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කළ ද කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි වූ බව පොලිසිය පවසයි.



අදහස් (10)

නිවසට පැන ඡන්ද කාඩ් බලෙන් අරන් ගිහින්

බකල විජේ Friday, 20 September 2024 01:40 PM

ඒ ජේආර්, ප්‍රේමදාස සොඳුරු යුගය සිහියට එනවා. මේ වගේම ආරම්භවුණු සිදුවීම් පෙලක් මතකයට නැගෙනවා.

:       14       39

කුඩු චූටිFriday, 20 September 2024 10:22 PM

87788/89/90 පටන් ගත්තෙත්, ඉවර කෙරුවෙත් එකම කණ්‌ඩායමක්

:       0       0

Chamara D Friday, 20 September 2024 02:13 PM

අනෙ අම්මෝ බලේ ගන්න කලින් මෙහෙමනන් බලේ ගත්තම කොහොමට රගයිද 3නේ සෙට් එක

:       55       25

Athula Friday, 20 September 2024 10:13 PM

හිතාගන්න පුළුවන් කවුද කරන්නේ කියලා.. ඒකත් අර හමුදාවේ දෙන්නෙක්තර්ජනය කරන එඩිට් එක වගේ තමයි අපි දැක්ක නාවල පිටියේ ප්‍රචාරක වල මැරබලය කවුද කරන්නේ කියලා.. තාත්තා ඉවර කරපු තැනින් පටන් ගන්න වගේ

:       0       0

මං මලිති Friday, 20 September 2024 10:25 PM

තුනේ සෙට් එක කිව්වෙ අර අද පක්ෂ සාමාජිකත්වය අහෝසිවුනු තුන් දෙනාගෙ සෙට් එකද

:       0       1

Priyantha Dissanayake Friday, 20 September 2024 02:55 PM

අතීතයේ අඳුරු සෙවනැලි, බලයට ආවොත් දැනෙයි ෆේල් වෙනකොට, මිනිසුන් උද්ඝෝෂණය කරනකොට ගෝඨාභය මහත්තයා වගේ පිටුපස පැනලා ගියා වගේ යන්නේ නැහැ. ඒවා රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ ඒ නිසා හමුදාව, පොලිසිය හරවනවා ජනතාව දෙසට. සමහර විට මේ මුහුණ දෙන්නේ අවසන් මැතිවරණයට. රට ලේ විලක්වේවි. පසුගියදා මේ භව කීවේ ජනාධිපති අපේක්ෂකයෙක්...

:       30       16

පාට ලෑලීFriday, 20 September 2024 10:39 PM

මම දන්න විදියට නං ඕක කිව්වෙ අර පක්ෂ 27ක හිටපු රෑට හප්ප ගන්නැතිව රිය පදවන්න දක්ෂ මැතිතුමා

:       0       0

B Amarasinghe Friday, 20 September 2024 03:25 PM

රනිල්ගේ ප්ලෑන් බී ද දන්නේ නෑ...

:       10       38

Brad PittFriday, 20 September 2024 10:19 PM

ආයෙත් අහල!

:       0       0

samvidana Saturday, 21 September 2024 06:14 AM

මෙි මිනිස්සු කොච්චර නූගත්ද, ජන්ද කාඩි නැතිවුනාට ජන්දය දාන්න පුලුවන් බව.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site