
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
සැමියා පැදවූ ත්‍රීරෝද රථය අනතුරකට ලක් වී පෙරළීමේදි එහි සවිකර තිබූ හුඩ් ට්‍රක් එක බිරිඳගේ හිසේ ඇනීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇතැයි කැස්බෑව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට කිරිගම්පමුණුව අංක 55/ 01 B හි පදිංචි වතවන විතානගේ නයනා කුමාරි නමැති (55) හැවිරිදි දෙදරු මවක බව පොලිසිය කියයි.
මෙම කාන්තාව සිය සැමියා සමඟ ත්‍රීරෝද රථයකින් පිළියන්දල සිද්දමුල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෙළඳසැල විවෘත කිරීම සඳහා ත්‍රිරෝද රථයක යමින් සිටියදී කුඩමාදූව වෙල්යාය මැද පිහිටි පාලම මතදී ඉදිරිපසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී පම් පසට පෙරළී පසුව දකුණු පසටත් පෙරළී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් කාන්තාව ත්‍රීරෝද රථයට යට වී ඇති අතර එහි සවිකර තිබූ හුඩ් ට්‍රක් එක මෙම කාන්තාවගේ හිසේ ඇලේ බරපතල තුවාල සිදුව තිබූණි.
පසුව අනතුරින් තුවාල ලැබූ සැමියා සමග බිරිඳ හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බිරිඳ ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.
තුවාල ලැබූ සැමියාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැමියා පැදවූ ත්‍රිරෝද රිය පෙරැළි බිරිය මරුට
සමන් Friday, 20 September 2024 04:05 PM
ත්‍රීවීල් මල්ලිලා මේවා දැකලා, අහලවත් හැදෙන්නේ නැති තිරිසන් ජාතියක්. ඔවුන් දන්නැහැ... අනික් රියැදුරන්ගේ පරිස්සම නිසා මේ අය කොච්චර නම් ආරක්ෂා වෙනවාද කියලා...!
Soyza Friday, 20 September 2024 04:23 PM
ත්‍රී වීල් මෑන්ලා මහ පාරේ පියාඔන්නේ කුරුල්ලෝ වගේ නෙමෙයි, පිස්සු බල්ලෝ වගේ. මොවුන් හැදෙන්නෙත් නැති නිසා මහ පාරේ මරණය ඔවුන්ට උරුමයි...