IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?

(විමුක්ති එස් රුද්‍රිගු)

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්ම පිළිතුරු ලැබෙනු ඇති බවත් හිස්බුල්ලා නායක හසාන් නසරල්ලා පවසා පැය 24 ක් ගතවීමටත් මත්තෙන් ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.

එම ප්‍රහාර මාලාවෙන් හිස්බුල්ලා සංවිධානයේ රොකට් විදිනයන් 100 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ කිරීමට හැකිවූ බවත් එම රොකට් විදිනයන් 100 ට රොකට් 1000 ක් පමණ එකවර විදීමට හැකියාව තිබූ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.

එසේම ප්‍රහාර මාලාවෙන් හිස්බුල්ලා සංවිධානයට අයත් ගොඩනැගිලි කීපයක්ද, ආයුද ගබඩා කීපයක්ද විනාශ කර දැමීමට හැකියාව ලැබුණු බවද ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය.

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරවා හැරීමට ඊශ්‍රායලයට ඇති සම්බන්ධය පිළිබඳව ඉඟියක් ලබා දෙමින් ඊශ්‍රායලයේ යුද අවධානය උතුරු දිශාවට යොමු වෙමින් පවතින බවට එරට හමුදාව ප්‍රකාශයක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.පසුගිය අඟහරුවාදා සහ බදාදා දෙදින සිදුවූ ලෙබනනයේ වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරා යෑම හේතුවෙන් 37 දෙනෙක් මියගොස් 3000 කට වැඩි පිරිසක් ඝාතනයට ලක් වූහ.

මිනිත්තු කීපයක් තුළ ලෙබනන වැසියන් 4000ක් ඝාතනය කිරීමට ඊශ්‍රායල හමුදාව බලාපොරොත්තු වූ බවත් එයට නිසි පිළිතුරු නිසි වේලාවේදී ලබාදෙන බවත් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා පැවැසුවේය.

පුපුරා ගිය පේජර් යන්ත්‍ර 5000 ක පමණ ප්‍රමාණය හිස්බුල්ලා සංවිධානය තායිවානයේ ගෝල්ඩ් ඇපොලෝ සමාගමෙන් ඇණවුම් කර තිබූ අතර එහි අභිරහස විසඳීම සඳහා තායිවානය මේ වනවිට විමර්ශනයක්ද ආරම්භ කර ඇත.

 



අදහස් (0)

වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site