වියට්නාමයේ ශ්‍රී මහා බෝධි ප්‍රාකාර මුල්ගල ලංකාවෙන්
වියට්නාමයේ හැනෝයි හී Bai Dinh විහාරස්ථානයේ රෝපණය කරන ලද ශ්‍රී මහා බෝධි අංකුරය වටා ඉදිකිරීමට අපේක්ෂිත බෝධි ප්‍රාකාරය තැනීමට අවශ්‍ය මුල්ගල සහ එම සැලසුම ශ්‍රී ලංකා වියට්නාම් තානාපතිනි H.E. Ho Thi Thanh Truc මහත්මිය වෙත බාරදීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වියට්නාම් තානාපති කාර්යාලයේ දී අද (22) සිදු කෙරිණි.