නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය. 18 April 2024
නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි. 18 April 2024
ඉන්දීය මහ මැතිවරණය හෙට ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (රාජ්‍ය සභාව) සමන්විතය. හෙට (19) මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලොක් සභාවේ ආසන 543 වෙනුවෙනි. 18 April 2024
සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය. 18 April 2024
දවසේ කාලගුණය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 April 2024
මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් දුම්රිය ස්ථානයේ මහත් කලබලකාරී තත්ත්වයක් ඇති විය. 18 April 2024
තැනින් තැනට සවස වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට ගිගුරුම් සහිත වැසි ඇති වේ. 18 April 2024
පාර්ලිමේන්තු පිවිසුමේ සිවිලිම් කොටසක් කඩා වැටේ:පොලිස් නිලධාරියෙකුට තුවාල පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන පරීක්ෂා මුරපොළේ සිවිලිමේ කොටසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇත. 18 April 2024
ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. 17 April 2024
‘‘එක්වරක් රැවටුණා‘‘ පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන බවට ගෝඨාභය මහත්මයා රදගුරු මණ්ඩලයට වාචිකව පොරොන්දුවක් දුන් බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ අද (17) පැවසූහ. 17 April 2024
කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙමින් පවතින බව එම රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය. 17 April 2024
පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසයි. 17 April 2024
සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා තෙවරප්පෙරුම මහතාගේ මතුගම නිවසට අද (17) ගියේය. 17 April 2024
සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ. 17 April 2024
පුද්ගල මාසික වියදම අඩුවෙලා මෙරට පුද්ගලයෙකු මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය අවම මුදල රුපියල් 16,975 ක් බවත් මෙරට පුද්ගලයකුගේ මාසික විදයම ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මස අඩුවී ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 17 April 2024
ආබාධිත වැඩමුළුවක ආරාධිත දේශකවරියට බාධා කරලා ආබාධිතයන්ට සැලකිය යුතු ආකාරය ගැන දැනුවත් කෙරෙන වැඩමුළුවක ප්‍රධාන ආරාධිත දේශකවරියක ලෙස සහභාගීවීමට පැමිණි ආබාධිත කාන්තාවකට සෙත්සිරිපාය පරිශ්‍රයේදී එහි නිලධාරීන් බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය සඳහා වන පාර්ලිමේන්තු සංසදය හෙළා දකියි. 17 April 2024
තැපෑලෙන් පණිවිඩයක් දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු කෙටි පණිවිඩයක් (sms) ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති ආර්. පී. සත්තුමාර මහතා ප්‍රකාශ කරයි. 17 April 2024
ශ්‍රීලනිප ලේකම්ගෙන් මැකෝට ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය දිනවල කෙරුණු පත්කිරීම්වලට එහි වැඩබලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ඊයේ(17) විරෝධතා ගොනුකර ඇත. 17 April 2024
වැඩි මිලට කොත්තු රොටි වික්ක මුදලාලිට ඇප කොළඹ Street Food අලෙවි සැලකදී කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ආපනශාලා හිමියා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය. 17 April 2024
රනිල්ගෙ සංධානෙ හොඳම අවස්ථාව ටික කලකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වටා හැදෙන ප්‍රබල සංධානයක උච්චතම අවස්ථාව තව නොබෝ දිනකින් දැක ගැනීමට හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 17 April 2024
ලොව ප්‍රථම අගමැතිනිය සමරයි ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වු දිවංගත සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ 108 වන ජන්ම දින සැමරුම් උපහාර උත්සවය කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද පැවත්විණි. 17 April 2024
විගණනය පාරිභෝගික අධිකාරිය පට්ට ගහයි වෙළඳපොළේ බොහෝ ආනයනික භාණ්ඩ නියමිත ක්‍රමවේදයෙන් බැහැරව රේගුවෙන් නිදහස් කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අනාවරණය කරගෙන ඇතත් ඒවා වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එම ආයතනය අපොහොසත්ව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ 17 April 2024
අවුන් සාන් සුකී නිවාස අඩස්සියට මියන්මාර බන්ධනාගාරයේ සිටින අවුන් සාන් සුකී එරටට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් නිවාස අඩස්සියට පත් කර ඇතැයි එරට හමුදා රජයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් සෝ මින් තුන් පැවැසුවේය. 17 April 2024
ඔලිම්පික් ගිනි සිළුව ප්‍රංශය බලා එයි ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ සංචාරය නිල වශයෙන් ආරම්භ වී ඇත. ඒ ග්‍රීසියේ ඔලිම්පික් උළෙලේ සමාරම්භක ස්ථානය ලෙසින් සැලකෙන පෞරාණික ඔලිම්පියාහිදී පැවැති සාම්ප්‍රධායික උත්සවයකින් අනතුරුවය. 17 April 2024
පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් දෙනවා පාස්කු බෝම්බ ප්‍රහාරය ජාතීන් අතර අසමගිය නිර්මාණය කර ජාතිවාදී කෝලාහල ඇති කරමින් විශාල ජන ජීවිත හා දේපළ හානියක් සිදු කිරීම මගින් පටු දේශපාලන අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා කිසියම් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබූ කුමන්ත්‍රණයක් බවත් එකි අපරාධයට සම්බන්ධ මහ මොළකරු සහ සැලසුම්කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක ප්රමුඛ කටයුතු කරන බවත් 2019 අප්‍රේල් මස 21 වැනිදා එල්ල කළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකි 17 April 2024
දෙහිවල සත්තුවත්තේ ආදායම ඉහළ යයි දෙහිවල ජාතික සත්වෝද්‍යානය මෙම වසරේ පළමු කාර්තුව තුළ වාර්තාගත ආදායමක් ලබා ඇතැයි එම සත්වෝද්‍යානයේ උසස් නිලධාරියෙක් පැවසීය. 17 April 2024
සංචාරකයින්ට අද සිට ‘ඊ වීසා’ සංචාරකයින්ට ‘ඊ වීසා’ නිකුත් කිරීම අද (17) සිට ක්‍රියාත්මක කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය. 17 April 2024
මියන්මාරයේ සිර දඬුවම් විදි ලාංකිකයන් 15කට නිදහස මියන්මාර මුහුදු සීමාව තුළදී අත් අඩංගුවට ගෙන වසර 7 ක බරපතළ සිර දඬුවම් ලැබ සිටි ශ්‍රී ලාංකික ධීවරයන් 15 දෙනා ඊයේ (16) පැවති මියන්මාර නව අවුරුදු උත්සවය වෙනුවෙන් සිදුකල සමාව දානය කිරීමේදී නිදහස් කර ගැනීමට හැකි වූ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 17 April 2024
අවුරුදු නැකතට පුවක් පැළ ලක්ෂ 15ක් පුවක් පැළ ලක්ෂ 15 ක් රට පුරා රෝපණය කිරීමේ වැඩසටහන ජාතික රුක් රෝපණ නැකතට අරඹන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 17 April 2024
බූරු පොලෙන් ලැබුනු හොර සල්ලි අරන් පොලිසි ගිහින් එකම අංකය දරණ ව්‍යාජ රුපියල් 5000 ක නෝට්ටු හතරක් පුද්ගලයෙකු රැගෙන විත් පොලිසියට බාර දුන් බව දොඩංගොඩ පොලිසිය කියයි. 17 April 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025