
(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකදී 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියකට අමානුෂික ලෙස පහරදී ඇයගේ කොණ්ඩය කපා දමා කෲරත්වයට පත් කලැයි දැරිය ගේ පුංචි අම්මා අද (5) සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක යැයි පොලිසිය කීය .
සිය පුංචි අම්මාගේ කෲරත්වයට පත් ව තුවාල ලැබු 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරිය මහියංගණ මූලික රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පැවසීය .
මෙම දැරියගේ මව මීට වසර කීපයකට ඉහතදී මියගොස් ඇති බවත් , පියා වෙනත් විවාහයක් කරගෙන එම කාන්තාව සහ මෙම දැරිය සමග එකම නිවසක පදිංචිව සිටින බවත් පොලිසිය සදහන් කළේය .
අමතර පංතියකට ගිය දැරිය යලි නිවසට ඒමට ප්‍රමාද වූවායි කෝපයට පත් මෙම සැකකාර කාන්තාව දැරිය නිවසට පැමිණ පසුව අතින් පයින් අමානුෂික ලෙස පහරදී යාබද නිවසකින් කතුරක් ගෙනවිත් දැරිය ගේ කොණ්ඩය කපා දමා දැරිය කෲරත්වය ට පත් කර ඇති බවත් පොලිසිය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් පුංචි අම්මා කියන්නේ තමන්ගේම අම්මාගේ නංගිට කියලා තමයි අපි නම් කුඩා කාලයේ වගේම දැනුත් භාවිතා කරන්නේ... පුංචි අම්මා කියලා තමයි. එහෙම පුංච් අම්මා කෙනෙක් නම් තමන්ගේ අක්කාගේ දරුවන්ට කෲරත්වයෙන් සලකන්නේම නැහැ. ඒත් තාත්තාගේ දෙවැනි විවාහයේ බිරියට කියන්නත් බාප්පාගේ බිරිඳට කියන්නෙත් කුඩම්මා කියලා මිස පුංචි අම්මා කියලා නොවෙයිනේ...
අනේ මේ දැරියට දැන් ඉතින් කාගේ පිහිටද, මට නම් හිතාගන්නවත් බැහැ...
පුංචි අම්මා නෙවෙයි කුඩම්මා . තම මව අහිමි වූ විට දරුවන්ට වෙන මොන සරණද ?