IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රේනුක පෙරේරාට ඇප

(රෝෂන් තුෂාර)

මහවිරු සමරුව සම්බන්ධයෙන් අසත්‍ය වැකි සහිත වීඩියෝ දර්ශන සහ  එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූප ද සහිතව සමාජ මාධ්‍යයේ පළකළේ යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා රුපියල් ලක්ෂ දහයක  ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද(05)නියෝග කළේය.

මහා විරු සමරුව සම්බන්ධයෙන් අසත්‍ය කරුණු සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින්  සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

මහජන සාමය කඩවන හා ජාතීන් අතර සංහිඳියාවට බාධා එල්ල විය හැකි තොරතුරු සමාජ ජාලයේ පැතිරවීම යන මෙම ක්‍රියාදාමය තුළින් සැකකරු දණ්ඩ නිතී සංග්‍රහයේ 120 වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කළ කරුණු දැක්වීම් වලින් පසුව සැකකරුට ඇප නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



අදහස් (0)

රේනුක පෙරේරාට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site