
(යොහාන් භාසුර)
රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ අළෙවි කිරීමේදී ගැණුම්කරුවන්ට ලංසු ඉදිරිපත් කිරීමට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් ලබන ජනවාරි මස 1 වැනිදා සිට හදුන්වා දෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (5) පැවසීය.
රේගුව පසුගියදා මැණික් තොගයක් අළෙවි කිරීමට ලංසු කැඳවූ බවත් එහිදී ඉහළම ලංසුව ඉදිරිපත් කළ ගැණුම්කරු කිසියම් පිරිසකගේ හෝ පුද්ගලයකුගේ බලපෑම හේතුවෙන් ලංසුව ඉවත්කරගෙන ඇති බවත් අරුක්ගොඩ මහතා කීය.
එම තත්වය හේතුවෙන් මැණික් අළෙවි කිරීම අත්හිටුවා පරීක්‍ෂණයක් පවත්වන බව කී අරුක්ගොඩ මහතා එවැනි දේවල්වලින් රජයට විශාල මූල්‍ය පාඩුවක් වන බව ද සඳහන් කළේය.
ඒ සඳහා පරිගණක තාක්‍ෂණ ක්‍රමයක් ජනවාරි සිට ලංසු ඉදිරිපත් කිරීමට හදුන්වා දෙන බවත් එය ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම පුද්ගලයෙක්ට ලංසු ඉදිරිපත් කළ හැකි ක්‍රමයක් බවත් සීවලී අරුක්ගොඩ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙි වැඩේට මං හරිම කැමති. ඔන්ලයින් ලංසු කැඳවන ක්‍රමයට.
දුෂණය වලක්වා ගන්න හොඳම විදිය.. දුෂණයෙන් හම්බ කරපු එවුන්ට දැන් යන එන මං නැති වෙලා