(අංජුල මහික වීරරත්න)
මේ වන විට ගිවිසුම්ගත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කරන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.
ඒ අනුව ඵලදායී ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
එසේම ගිවිසුම්ගත වුවද අකාර්යක්ෂම ව්‍යාපෘති ඇත්නම් ඊට අදාළ නිසි පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
බලශක්ති අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධිත ආයතන වල නිලධාරීන් සමඟ අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව සමකාසන්න, දින 365ම හිරු එළිය ලැබෙන නිසා වැඩිම ප්‍රමාණයක් ලැබෙන මන්නාරම, හම්බන ආවරණය කරලා රජය මගින්ම ව්‍යාපෘතියක් කරන්න බැරිද? ලෝකයේ විශාලතම විදුලිබල නිෂ්පාදන සමාගම අයිති ප්‍රංශ රජයට. යුරෝපයේ ගොඩක් රටවල මේහෙයුම් දියත් කරනවා. බ්‍රිතාන්‍ය විශාලතම බලශක්ති සැපයිම EDF. ඇයි ලංකාවේ ලංවිම පාඩු ලබන්නේ? ප්‍රංශයේ EDF ලාභ ලබන්නේ? ගිය අවුරුද්දේ ලාභය යුරෝ ඩොලර් බිලියන 10යි.