
(රංජිත් රාජපක්ෂ )
තේ වත්තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවක් කඳුකර කොටියකුගේ පහර දීමෙන් තුවාල ලබා අද (05) බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළු කළ බව බගවන්තලාව පොලිසිය පැවසිය.
බගවන්තලාව , මෝරා වත්තේ වතු කම්කරුවන් පිරිසක් බෝපත්තලාව රක්ෂිතය ආසන්නයේ පිහිටි තේ වත්තේ තේ දළු නෙලමින් සිටියදි සුනඛයෙකු දඩයම් කිරිම සදහා පැමිණි කඳුකර කොටියෙකුගේ පහරදීමකට මෙම කාන්තාව ලක්ව ඇතැයි කියයි.
ප්‍රහාරයෙන් තුවාල ලැබු කාන්තාවගේ සිරුර පුරා කොටියාගේ නිය පහරවල් තිබෙන නිසා ඇය වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවිමට නියමිත බව බගවන්තලාව රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd