‘බුදු දහමට හානි වන කිසි තීරණයක් පිළි ගන්නේ නෑ‘ කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වල ඇතුළත් වන බවත් එම කටයුතු වලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 18 June 2024
ආබාධ සහිත ප්‍රජාවගේ අයීතින් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ සභාපතිත්වය ලංකාවට ලබන 2025 සහ 2026 වසර වල පැවැත්වීමට නියමිත ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ 18 June 2024
ඉන්දීය විදේශ ලේකම් අනිද්දා දිවයිනට ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය එස් ජය ශංකර් මහතා අනිද්දා(20) දිවයිනට පැමිණීමට නියමිතය. 18 June 2024
විදුලි සංදේශ පනත ශ්‍රේෂ්ඨාධිකරණ මතය මැති සබයට විදුලි සංදේශ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැන් බැවින් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 June 2024
’’නීතිපතිට සේවා දිගුවක් නෑ’’ නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය එම සභාව අද (18) ප්‍රතික්ෂේප කර ඇත. 18 June 2024
ආණ්ඩුවට කත් අදින අයට කෝටි ගණන් බෙදලා ආණ්ඩුවට කත් අදින තෝරා ගත් මන්ත්‍රීවරුන් පිරිසකට ආණ්ඩුව කෝටි දහය ගාණේ විමධ්‍යගත අරමුදල් ලබාදී ඇති බවත් කොටසකට පමණක් සලකන මේ ක්‍රමවේදය නවතා සියලුම මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත මුදල් ලබා ගැනීමට මැදිහත් වන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 June 2024
ආයුර්වේද සීමාවාසික පුහුණුවීම් යළි ඇරඹෙයි රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ආයුර්වේද උපාධිධාරීන්ගේ ඇනහිට තිබූ සීමාවාසික පුහුණුවීම් යළි ආරම්භ කළ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. 18 June 2024
ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාවට මංගල සීනු ලොව උසම නෙට්බෝල් ක්‍රීඩිකාව ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ තර්ජනී සිවිලිංගම් මෙනවිය සිය පෙම් සිහිනය සැබෑ කරගනිමින් දකුණු ඉන්දියාවේ ව්‍යාපාරිකයෙකු වන ආර්. ප්‍රශාන් මහතා සමග ඊයේ (17) යුග දිවියට පිවිසියාය. 18 June 2024
පනස් අටදාහකට ද්විත්ව පුරවැසිභාවය (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න) පනස් අටදහස් තුන්සිය හතරකට 2015 වර්ෂයේ සිට 2020 දක්වා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. එම කාලයේදී ද්විත්ව පුරවැසිභාවය සඳහා 63917 දෙනකු ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබූ බවද ඔහු කීවේය. 2015 දී 16184ක්ද- 2016 දී 13933ක්ද - 2017 8881 ක්ද - 2018දී 8747ක්ද - 2019 දී 7405ක්ද - 2020 දී 3154ක්ද වශය 18 June 2024
ලංකාවේ අලි ගණන් කරන්න යයි වසර දහතුනකට පසුව අගෝස්තු මාසයේදී අලි සංගණනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණ අංශය පවසයි. 18 June 2024
විදුලි බිල අඩුවන හැටි ජූලි 15 කියයි මෙම වසරේ (2024) දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (18) පැවසීය. 18 June 2024
රැකියා විරහිත උපාධිධාරීන්ට ජල ප්‍රහාරයක් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය බත්තරමුල්ල පොල්දූව හංදියේ පවත්වන විරෝධතාවට මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කළේය. 18 June 2024
රජයේ පොහොර සමාගම් දෙකේ 278ක් විශ්‍රාම ගන්වයි රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගමේ සහ කොමර්ෂල් පොහොර සමාගමේ සේවකයින් 278 දෙනකුට අද (18) සිට අනිවාර්යය විශ්‍රාම ගැන්වූ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි 18 June 2024
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ කොළඹ වටලති පුරා දින 47 ක් වැඩවර්ජනයක නිරතව සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ විරෝධතාවක් සඳහා මුදල් අමාත්‍යංශය පිහිටි කොළඹ කොටුව ප්‍රදේශයට පැමිණීමෙන් එම ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් නිර්මමාණය වී තිබේ. 18 June 2024
’’ජීවත්වන ගෙදරටත් බදු ගහන්න එකඟ වෙලා’’ පුද්ගලයන්ගේ පළමු නිවාසයට බදු ගහන්නේ නැතැයි ජනාධිපති කිව්වත් මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව පළමු නිවාසයටත් බදු ගහන බව සඳහන්ව තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 June 2024
පොලිස් කොමිසමේ ලොකු පුටුවක් හිස් වෙයි ජාතික පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු වූ සාමාජික ධුරයක් පිරවීම සඳහා අයදුම්පත් කැඳවා ඇත. 18 June 2024
පුටින් උතුරු කොරියාවේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාව බලා පැමිණියේය. ඒ, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ විශේෂ ආරාධනයක් පිළිගනිමිනි. 18 June 2024
පුද්ගලයන්ගේ පළමු දේපොළ කුලී බද්දෙන් නිදහස් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අධ්‍යයනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීම අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 18 June 2024
හෙරොයින් සමඟ පීසී මාට්ටු හෙරොයින් වර්ගයේ මත්කුඩු සන්තකයයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු පුල්ලේයාර් හන්දිය ආසන්නයේදි අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 18 June 2024
සොරකම් කළ ත්‍රිරෝදරිය මිලටගත් එස් ටී එෆ් සෙබළා අත්අඩංගුවට රත්ගම ප්‍රදේශයෙන් සොරාගෙන ගොස් තිබූ රුපියල් ලක්ෂ 11 ක් වටිනා ත්‍රීරෝද රථයක් මුහුණු පොත හරහා විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයෙකුට රුපියල් 1,75000 ක් මුදලකට අලෙවිකර තිබියදී සොයා ගත් බව රත්ගම පොලිසිය පවසයි. 18 June 2024
මස් කන බැක්ටීරියා ආසාදිතයෝ 1,000 පනී මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් සෞඛ්‍ය අංශ පවසයි. 18 June 2024
හෙට සිට වැස්ස වැඩිවෙයි දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 June 2024
ඉන්දීය සහකාර මහ කොමසාරිස් නාමල් උයනට යයි ගල්කිරියාගම ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් බැහැ දැක, ජාතික නාමල් උයනද නිරීක්ෂණය සඳහා ඉන්දියානු සහකාර මහකොමසාරිස් වෛද්‍ය අතිරා එස් මැතිණිය අද (17) කටයුතු කරනු ලැබුවාය. 18 June 2024
ගිනි අවි දෙකක් සමග දෙදෙනෙක් මාට්ටු විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල ගිනි අවි දෙකක්, මැගසින් දෙකක් සමග සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුර කියයි. 18 June 2024
රට පොල්තෙල් මිල ඉහල දැමීම කූඨ ක්‍රියාවක් ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩිකිරීමක් කර නොමැති නිසා වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළ යාම කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද කූඨ ව්‍යාපාරික ක්‍රියාවක් යැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි. 18 June 2024
අනතුරින් මණ්ඩලයට කෝටි එක හමාරක පාඩුවක් ලබුගම කලටුවාව ජලාශ පිරිපහදුවේ සිට මහරගම දක්වා ජලය රැගෙන යන නල මාර්ගයකට මීගොඩ ගොඩගම ප්‍රදේශයේ දී සිදු වූ හානිය නිසාවෙන් තම මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ අලාභයක් සිදුව ඇතැයි ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් හා නඩත්තු ) කුමුදු විජේගුණවර්ධන මහතා පැවසීය. 18 June 2024
නීතිපති සේවා දිගුව: අවසාන තීරණය අද නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (18) පස්වරුවේ නැවතත් සලකා බැලීමට නියමිතය. 18 June 2024
වාහන පර්මිට් එකට මන්ත්‍රීවරු පස්ස ගසති තීරු බදු රහිත වාහන බලපත්‍රය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගෙන් අලුත් යෝජනාවක් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට සහ කතානායකවරයාට පසුගිය සතියේදී ඉදිරිපත්වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 18 June 2024
දිඹුලාගල සෙල්ලිපිය මාසයක්ම කියවලා ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනින් හමුවූ ලොව විශාලතම දුර්ලභ ගණයේ සෙල්ලිපියේ සියලු අක්ෂර අද (17) අලුයම වන විට කියවා අවසන් වූ බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලාංකාර නාහිමියෝ පැවැසූහ. 17 June 2024
නීති ප්‍රතිසංස්කරණ කර වාර්තාවක් තබයි 2022- 2024 මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ ගණනක් සිදු කළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා පැවසීය. 17 June 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025